විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි
Spread the love
සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.