වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්

වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්
Spread the love

ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ  ආයතනය

ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත මෙම ක්ෂේත්‍රයට අදාල පශ්චාද් උපාධි කිහිපයක් හිමි වසර ගණනාවක් මෙරට ජීවන වියදම් කමිටුවේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කළ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි.  ඔහු වී අලෙවි මණ්ඩලයේ උප සභාපති මෙන්ම සභාපති ලෙසද දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිළධාරියෙකු මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල භාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය ඇතුළු  අධ්‍යක්ෂ මණ්ඩල රැසක සාමාජිකයෙක් වූ මොහු ඔහු දැනට  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන අතර එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කර ඇත. ඒ අනුව ජාතික මට්ටමේ කමිටු රැසක් නියෝජනය කර ඇති ඔහු සතුව ඇති අත්දැකීම් දැනුම් සම්භාරය  ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන ජීවන වියදම සහ ඒ ආශිත අනාගත තත්වයන් වී සහ සහල් වෙළෙඳපොළ මිල පාලනය කිරීමට ඇති හැකියාවන් සහ ක්‍රමවේද පිලිබඳ විශ්ලේෂණාත්මක විවිරණයක යෙදීම මෙම සාකච්චාවේ  අරමුණ වේ.

පවත්නා වියදම් තත්වයන් පිළිබඳ විශ්ලේෂණය කළහොත්

අදවන විට  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව පාරිභෝගිකයෙකුගේ මාසික ප්‍රද්ගල වියදමින් 35% ක් ආහාර සඳහා වැයකරන විට 65% ක්ම වැයකරනුයේ ආහාර නොවන භාණ්ඩ හා සේවා සඳහායි. මෙය ග්‍රාමීය මෙන්ම වතු අංශයන්හි 50% බැගින් බෙදීයයි. මෙම ආහාර සඳහා වන වියදමින් 14% කට ආසන්න ප්‍රමාණයක් සහල් සඳහා ද, එළවළු සඳහා 10% ක්ද ,සකස්කළ ආහාර සඳහා 12% ක් ද,පොල් සඳහා 6%ක් ද,කිරිපිටි සඳහා 8.% ක් ද, සහ මාළු සඳහා 9.5% ක්ද ලෙස වැය කරයි. වාර්ෂිකව පුද්ගලයෙකු සහල් සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන කි.ග්‍රෑ. 115 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර ඒ තුළ අවම වශයෙන් වසරකට පුද්ගලයෙකුට සහල් සඳහා පමණක් අවම වශයෙන් රුපියල් 25,000 ක පමණ මුදලක් වැයකරයි.

රටේ ප්‍රධානතම ආහාර භෝගය වන වී වගාව සඳහා වාර්ෂිකව විශාල ආයෝජනයක් රජය විසින් දරනව. එනම් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙ.ටො. ලක්ෂ 24 ක ප්‍රමාණය මහ කන්නයෙන් 65% ක් ලැබෙන විට ඉතිරි 35% ක ප්‍රමාණය යල කන්නයෙන් ලබා ගන්න මහ කන්නයක් තුළ හෙක්ටයාර් ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක් සාර්ථක මහ කන්නයක් තුළ වගා කරන විට යල කන්නය තුළ ද හෙක්ටයාර් ලක්ෂ 5 කට ආසන්න භුමි ප්‍රමාණයක් වගාව සඳහා වැය කරයි .රටේ සමස්ථ වී වගා බිම් ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 15% කට ආසන්න වනවිට හෙක්ටයාර් ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් මෙම වී වගාවටම පමණක් රටතුළ වෙන්ව පවතී. ඒ වගේම රටේ ගොවි පවුල් ලක්ෂ 16 ක් පමණ වී ගොවිතැනේ නියැලී සිටිනව, මෙම වගා බිම් ප්‍රමාණයෙන් වර්තමානය වනවිට 75% ක් පමණම රතු සහ සුදු නාඩු වී වගාව සිදුවන අතර 25% ක සම්බා ,කීරි සම්බා මෙන්ම අනෙකුත් සාම්ප්‍රදායික වී වර්ග වගා කෙරෙති. පාරිභෝජනය ද මේ අයුරින්ම බෙදී යන අතර කීරි සම්බා  සහ සම්බා වැඩිපුරම පාරිභෝජනය බස්නාහිර  පලාත තුළ  සහ අනෙකුත් ප්‍රධාන නගරාශ්‍රිත ප්‍රදේශයන්ගේ සිදුවෙයි.

වී සඳහා මෙන්ම සහල් සඳහා ද තාර්කික පදනමකින් යුතුව මිලක් පැවතිය යුතු බව සහ එසේ නොවුවහොත් 

මෙම වී වගාව සඳහා සිදුකරන ආයෝජනයන්හි අපේක්ෂිත ප්‍රතිඵල සමාජයේ සෑම ජනකොටසකටම  ගෙනයාමට නම් මේ තුළින් ලැබෙන අවසන් පාරිභෝගික ද්‍රව්‍ය වන සහල් සඳහා වී නිෂ්පාදනය සිදුකරනු ලබන සෑම කන්නයක්ම ආරම්භවන විට වී සඳහා මෙන්ම සහල් සඳහා ද නිසි පදනමකින් යුතුව මිල තීරණය කළයුතුව ඇත. එනම් රජය ඒ් ඒ් කන්න සඳහා නිෂ්පාදන වියදම පදනම් කර ගනිමින් ඒ ඒ වී වර්ග සඳහා සහතික මිල ගණන් තීරණය කරන අවස්ථාවේදී අවම වශයෙන් එම කන්නයට අදාල වන පරිදිවත් සහල් වර්ග සඳහා ද උපරිම සිල්ලර මිල ගණන් ලබාදිය යුතුමය. මෙම සහල්මිල ගණන් තීරණය කිරීමේදී එක් වර්ගයක් පමණක් ඉලක්කකර නොගෙන වෙළෙඳපොළේ අලෙවි වන සහල් වර්ග අනුව එනම් නාඩු,කැකුළු,සම්බා, කීරි සම්බා වැනි සහල් වර්ග සඳහා නිෂ්පාදන වියදම් පදනම් කරගෙන වෙනවෙනම මිල ගණන් ලබාදිය යුතුය.එසේ නොමැති වුවහොත් එම අතාත්වික මිල ගණන් ඉදිරි කන්නයන්හි නිෂ්පාදන වගා බිම් ප්‍රමාණයන් වෙනස්වීමට සෘජුවම බලපායි. එනම් මෙම වර්ගයන්හි ඒකක අස්වැන්න, නිෂ්පාදන මිල ගණන් වෙනස් බැවින් සහල් වෙළෙපොළ අසමතුළිතතාවයකට සෘපුවම බලපානු ඇත. මන් ද දැනට කන්න කිහිපයකට පෙර රජය විසින් නාඩු වී වර්ගය සඳහා පමණක් මිල නියම කිරීම තුළ ඉන්පසු කන්නයේ වගාවට බලපෑ අතර එය වෙළෙදපොළ සහල් අසමතුලිතතාවයට බලපාන ලදි. එසේම මෙම මිල ගණන් තීරණය කිරීමේදී කැකුළු සහ නාඩු යන වර්ග දෙකට ඒවායේ සහල් කිලෝවකට වැයවන නිෂ්පාදන මිල පදනම්කරගෙන මිල ගණන් සැකසිය යුතුය.

මන්ද නිෂ්පාදන මිල ගණන් අනුව නිරන්තරයෙන්ම කැකුළු සහල් මිල ගණන් නාඩු මිලට වඩා පහලින් තිබිය යුතුය. එසේ නොමැතිනම් වෙළෙදපොළ මිල ගණන් විකෘතිතාවයක් ඇතිව එක් සහල් වර්ගයක් හිගවනු ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ සහල් මිල තීරණය කිරීමේදී ඇති වු අතපසුවීමකදී තැම්බූ සම්බා සහල් කිලෝවකට පමණක් රුපියල් 230.00 ක මිලක් තීරණය කිරීමේ දී සම්බා කැකුළු සහල් සඳහා මිලක් ලබා නොදීම හේතුවෙන් අද එම සම්බා කැකුළු සහල් විවෘත්ත වෙළෙඳපොළ තුළ විශේෂයෙන් සුපිරි වෙළෙඳපසැල් තුළ කිලෝවක් රුපියල් 260.00 වැනි මිලකට අලෙවි වේ. ඒ සඳහා කිසිදු නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වීඇත. මන්ද එම සහල් වර්ගය සඳහා පාලන මිලක් නොමැත. එම නිසා මෙම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සමස්ථ ආර්ථිකයටම බලපාන සංවේදී කරුණු බැවින් විෂය දැනුම ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහය ඇතිව පර්යේෂණ අත්දැකීම් සහිතව සියළු කරුණු අධ්‍යයනය කර මිල ගණන් සැකසිය යුතුය. වී මිල මෙන් දෙගුණයකින් සහල් වෙළෙදපොළ මිල පවතින්නේ නම් ඒ තුළ අතාත්වික තත්වයක් නොමැති සාධාරන සහල් මිලක් ලෙස දැක්විය හැකිය. නමුත් අස්වනු සමයතුළ ඉතා අඩු මිලකට වී ගබඩාකර අස්වනු රහිත කාලසීමාවන්හි පවතින වී මිල ගණන් සමග සහල් මිල ගැලපීම සාධාරණ නොවේ. එසේම ප්‍රශ්නයක ඇතිවීම කලින් හදුනාගෙන ඒවා විසදීම සඳහා නව තාක්ෂණය භාවිතා කිරීම, නවීන දත්ත පද්ධතියක අවශ්‍යතාවය ජනාධිපතිතුමන් අගමැතිතුමිය ප්‍රමුඛ රජය මේ වන විටත් තේරුම්ගැනීම අතිශය අගයකළ යුතුය. ඩිජිටල්කරණය කෘෂිකර්ම  ක්ෂේත්‍රයේ විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාවය වර්තමාන සහල් ප්‍රශ්නය තුළ මැනවින් කියාපායි. රටතුළ නිෂ්පාදනය ප්‍රමාණවත් ව පැවතිය ද ඒවා කුමන තැන්වල ගබඩා කර තිබෙන්නේද යන්න රාජ්‍ය අංශයේ ආයතන පද්ධතිය භාවිතාකර ඒකාබද්ධ ප්‍රවේශයකින් කළයුතුව ඇත.

ඔව් ,පැහැදිලිවම මෙම ආයතනයේ කාර්යභාරය ද අදවනවිට කාලීනව වෙනස්විය යුතුමයි, මොකද වී සහ සහල් වෙළෙදපොළ අදවනකොට පෙරට වඩා වෙනස්, ඒ වෙනසට අනුව අපිත් වෙනස් වෙන්න ඔින, විශේෂයෙන් සඳහන් කරන්න ඔිනෙ මගේ කාලසීමාව තුළ දැවැන්ත නිෂ්පාදනය කඩා වැඩීමක් තිබුන අවස්ථාවක්, ඒ වගේම කොවිඩි වසංගතයෙන් මුළු රටම වෙලාගෙන සිටපු කාල සිමාවක්, අදවනවිට සියල්ල අමකවෙලා හැබැයි තියෙන්නෙ, ඉතා දැවැන්ත අභියෝගාත්මක කාලසීමාවක තමයි මට ඒ වගකීම පැවරිලා තිබුනෙ, නමුත් මෙම කාලසීමාව තුළ සැලකියයුතු වී ප්‍රමාණයක් මිලදීගෙන රටේ සහල් ප්‍රශ්නයට ඉතාමත් සාර්ථක විසදුමක් දෙන්න පුළුවන් වුනා, ඔබ කිව්ව වගේ පසුගිය වසර 10 ක කාලසීමාව තුළ වැඩිම වී ප්‍රමාණයක් එක් කන්නයක් තුලදී මිලදී ගන්න පුළුවන් වුනේ මගේ කාලසීමාවතුළ තමයි, වී මිලදී ගන්න මහා භාණ්ඩාගාරය මැදිහත්වෙලා ලංකා බැංකුවෙන් ලබා දුන්න රුපියල් මිලියන 6,500 ක මුදලින් 98% පමණම මගේ කාලසීමාවතුළදීම ගෙවල අවසන් කරන්න පුළුවන් වුනා, ඒ නිසා දිගුකාලීන පර්යේෂණ සහ අත්දැකීම් සමග විධිමත් සැලසුම් සහිතව තමයි තමයි මා මේ පිළිබඳ කතාකරන්නෙ, සාම්ප්‍රදායික වී මිලදී ගැනීමේ රටාවෙන් බැහැරව මෙතෙක් අසාර්ථක වූ තැන් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව වෙනස්ම මානයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරි වසර තුළ ආරම්භ කළයුතුය. විධිමත් අධීක්ෂණය, පර්යේෂණ තොරතුරු මගින් සහ සහල් වෙළෙඳපොළ ප්‍රදේශ පවා හදුනාගෙන වෙඳෙපොළ තුළ අතිරික්ත වී අස්වැන්නක් පවතින රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි වී ගබඩා සහල් මෝල්  සීමිත ඉලක්කගත ප්‍රදේශ ලෙස ගොවියාගේ වී මිල පහල යන  ප්‍රදේශයන් හදුනාගතයුතුයි. එම ප්‍රදේශ වී මිලදී ගැනීමේ දී ඉලක්කගත ප්‍රදේශවිය යුතුය. සහල් වෙඳෙපොළ තුළද ප්‍රදේශ, සහල් වර්ග  සහ අවශ්‍යතාවයන් අනුව විශේෂයෙන් නාඩු සහල් බහුලව පරිභෝජනය කරන ප්‍රදේශ ඉලක්කකොට මෙම වැඩසටහන ආරම්භකළයුතුය.  මෙම වී මිලදී ගැනීමේ සිට සහල් වෙඳෙපොළට ලබාදීම දක්වා ක්‍රියාදාමය තුළ රජයට ප්‍රමාණවත් ලොරි රථ මෙන්ම සහල් මෝල් අවශ්‍ය නොවේ.

මන්ද ඒවා රජය සතුව පැවතිය ද ඒවා කන්නයක් තුල ඇතිවන මාස කිහිපයක අවශ්‍යතාවයට වසරක් නඩත්තු කිරීම ඉතා අධික පිරිවැයක් වන කරුණක් නිසා පෞද්ගලික අංශයෙන් මෙම අවශ්‍ය පහසුකම් රාජ්‍ය අංශයට වඩා ලාභදායී ලෙස භාවිතා කළ හැකිය. පළපුරුදු දක්ෂ ප්‍රාදේශීය නිළධාරීන් කණ්ඩායමක් වී අලෙවි මණ්ඩලය සතු අතර ඔවුන් ද ඉලක්කගත අභිප්‍රේරණරණයකට ලක්කර විධිමත් සැලසුමක් තුළින් උපරිම සේවය මේ සදහා ලබාගත හැකිය. රජය පෙන්වන මිලදී ගතයුතු ඉලක්කගත වී ප්‍රමාණය මහ කන්නයෙන් පමණක් නොව යල කන්නයක් සමග ගලපා මිලදී ගැනීමට සැලසුම්කළ යුතුයි.එනම් අපේක්ෂිත වී මො.ටො. ලක්ෂ තුනක ප්‍රමාණයෙන් කොටසක් යල කන්නයෙන් ද මිලදී ගැනීමට සහ ඒ ඒ කන්නයන්හි  වී මිල පහල අගයක් ගනු ලබන ප්‍රදේශ පදනම් කරගෙන සැලසුම් සැකසිය යුතුයි. මේ සඳහා නව මානයකින් යුතුව විධිමත් අධීක්ෂණයක් සහිතව කාර්යක්ෂම ක්‍රමවේදයක අවශ්‍යතාවය පවතී. මෙම 2024 වසර තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ වාර්ෂික පාරිභෝජන අවශ්‍යතාවයටත් වඩා මාස කිහිපයකට ප්‍රමාණවත් සහල් වෙනුවෙන් වී නිෂ්පාදනයක් සිදුකළ ද සෑම වසරකම මෙන් මෙම වසරේද අවසන් මාසයන් තුළ රජය සතුව ආරක්ශිත වී තොගයක් නොමැතිවීම තුළ පාරිභෝගිකයාට සහල් අර්බුධයකට මුහුණ දීමට සිදුව තියෙනව. මෙම සහල් මිල පිළිබඳ ප්‍රශ්නයට ආරක්ෂිත වී තොගයක් පැවතිය යුතුම වන අතර එහි සම්පූර්ණ වැය බර රජය දැරිය යුතු නොවන අතරම ඉදිරියේදී මෙම රාජ්‍ය යාන්ත්‍රනයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පෞද්ගලික අංශයත් සමග ඒකාබද්ධ වී  පෞද්ගලික අංශයේ ආයෝජනද සමග ඉදිරියට යා යුතුව ඇත. මේ සඳහා සුපිරි වෙළෙඳසැල් ජාලය සම්බන්ධකරගෙ වී මිලදී ගැනීමේ සිට සහල් ලබාදීම දක්වා වැඩසටහනක් මණ්ඩලයේ පරිපාලනය විසින් ක්‍රියාත්මක කළයුතු අතර එය කඩිනමින් ආරම්භ කළයුතුවන අතර ඒ තුළ  සුපිරි වෙළෙඳපැල් ජාලයට ද අඛන්ඩ සහල් සැපයුමක් පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයා සඳහා නිශ්චිත මිල ගණන් යටතේ සහල් ලබා දීමට හැකිවනු ඇත. මේ සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු කාර්යක්ෂම දෙපාර්ශවයටම වාසිදායක රජයට වැයබරක් නොවන වැඩසටහනක් සිදුකළයුතුයි. මේ සඳහා විධිමත් කළමණාකරණයකින් යුතුව රාජ්‍ය හා පෞද්ගලික  අංශය ඒකාබද්ධ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයට සම්බන්ධ විය යුතුව ඇත.

ඒසේම වී අලෙවි මණ්ඩලය රාජ්‍ය ධාන්‍යාගාරය ලෙස වී වලට පමණක් සීමා නොවී බඩ ඉරිගු,රටකජු,මුං ඇට,උදු, කව්පි වැනි අනෙකුත් ධාන්‍ය වර්ගයන්හි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමේ ශක්තිමත් මඨ්‍යස්ථානය බවට කාලීනව වෙනස්විය යුතුව ඇත. ඒ තුළ වී ගොවියා මෙන්ම අනෙකුත් අතිරේක ආහාර භෝග නිෂ්පාදනය කරන ගොවියා ද ආරක්ෂා කළහැකිවනු ඇත. අදියර කිහිපයක් යටතේ පවතින ගබඩා පද්ධතිය නවීකරණය කර  ඩිජිටල්කරන ක්‍රියාදාමයත් සමග පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ ව මෙවැනි අතිරික්ත අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කලයුතුව ඇත.  නව ප්‍රවේශයක් සහිතව මෙම ආයතනය කාලීන අවශ්‍යතාවය මත වෙනස්විය යුතුබව පෙන්වා දෙන  අතර තවදුරටත් මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි වී සහ සහල් වෙළෙඳපොළ ක්‍රියාදාමයට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා නව වෙළෙඳපොණ නීතිරීති සමග පෞද්ගලික අංශයේ ශක්තිමත් හදුනාගත් සුපිරි වෙළෙඳසැල් ජාලයත් සමග එක්ව කටයුතු කළයුතුව ඇත. මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් වී මිල තීරණය කිරීමටවත් සහල් මිල තීරණය කිරිමටවත් වී අලෙවි මණ්ඩලයට තීරණයක් ගැනීමට සෘජුවම පවතින අපහසුතාවයයි. ඒ නිසා රජය තීරණය කරන වී සඳහා වන සහතික මිලත් සහල් සඳහා වන උපරිම සිල්ලර මිලත් අතර මිල ගණන් වී සහ සහල් වලට තීරණය කිරීමේ හැකියාව වී අලෙවි මණ්ඩලයට පැවතිය යුතුය. වෙනත් භාහිර පාර්ෂවයන් විසින් තීරණය කරන වී මිල ගණන් සහ සහල් මිල ගණන් නිසා වී අලෙවි මණ්ඩලයට නිරන්තරයෙන් අලාභ ලැබීමට සිදුව ඇත. එම නිසා මෙම යල්පැන ගිය ක්‍රමවේදවලින් ඉවත්ව නව වෙළෙදපොළ දැක්මකින් යුතුව විධිමත් ක්‍රමවේදයන් නව තාක්ෂණයකින් යුතුව වී මිලදී ගැනීමේ ක්‍රමවේදයට ප්‍රවේශවිය යුතුව ඇත. එසේ නොමැතිව මෙතෙක් කලක් සිදුකළ වී මිලදී ගැනීමේ ක්‍රියාදාමයම තවදුරටත් සිදුවන්නේ නම් ඉතා විශාල අලාභයකට වී අලෙවි මණ්ඩලයට මුහුණ දීමට සිදුවනු ඇත. මේ සඳහා සිදුකර ඇති පර්යේෂණයන්හි ප්‍රතිපළ අධ්‍යනය කළ යුතුව ඇත.එවැනි ක්‍රමවේදයන් සමග විධිමත් ආරක්ෂණ තොගයක් රුස්කර ගැනීම තුළ මෙම සහල් මිල පිළිබඳ ගැටලුවට විසදුම් ලබා ගත හැකිය. එනම් සෑම වසරකම අවසන් මාස 03 ක කාලයක පමණක් පැන නගින මෙම ගැටලුව පාලනය කර ඒ තුළ සාර්ථක විසදුම් ලබා ගතහැකිවනු ඇත. රාජ්‍ය යාන්ත්‍රනය පාරිභෝගික ආරක්ෂණය වෙනෙුවෙන් ඉලක්ක කරගතයුත්තේ ප්‍රශ්නගත මෙම මාස තුනක කාලය පමණි.

මෙම ක්ෂේත්‍රයටම අදාල විධිමත් ඩිජිටල්කරණය වූ රටම ආවරණය වන දත්ත පද්ධතියක අවශ්‍යතාවය

සහල් මෝල්වලට කඩා පැනීම  වැනි ක්‍රියාමාර්ග නූතන ආර්ථික රටාවන් තුළ ට කොහෙත්ම නොගැලපේ. වර්තමාන රජයද මෙවැනි ක්‍රියාමාර්ග අනුමත නොකරනු ඇත.මේ සඳහා තාක්ෂණික මෙවලම් භාවිතා කළයුතු බවට වත්මන් ජනාධිපතිතුමන් ද පෙන්වා දීල තියෙනව, රජයකට කිසිසේත්ම කළ නොහැකි මෙරට සහල් වෙළෙඳපොළතුළට දැවැන්ත තාක්ෂණයක්  ගෙනවිත් නවතම ක්‍රමවේදයන් හරහා ආසියාවේ හොදම තත්වයෙන් යුතු සහල් හදුන්වා දුන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් ලගට කඩාවැදී අභියෝග කිරීමෙන් තවදුරටත් පලක් නොමැත. මෙම ක්ෂේත්‍රය තුළ එවැනි ව්‍යාපාරිකයින්ට අභියෝග කරන තත්වයකට රජයක් පත්විය යුතු නොවේ. ප්‍රශ්නයක් ඇතිවූ අවස්ථාවේ පමණක් මහාපරිමාණ මෝල් හිමියන් යැයි තරවටුකරන මෙම මොල් 10 කට අඩු ප්‍රමාණය සතියක් වී මිලදී ගැනීම හෝ සහල් සැකසීම නවතා දැමුවහොත් එම හිඩස පියවීමට රජයට හෝ කිසිදු සුළු හා මධ්‍යපරිමාණ මෝල් සංගමයකටවත් පුළුවන් ද? ඒ නිසා  තරගකාරී පරිසරය තුළ මෙවන් ව්‍යාපාරිකයින් තව තවත් ඇතිවිය යුතුය. එවිට දැනට සහල් සඳහා පවතින කතිපයාධිකාරී වෙළෙඳපොළ පූර්ණ තරගකාරී තත්වයකට දිගුකාලීනව පත්වනු ඇත. මන්ද දැනට සහල් අවශතාවයෙන් 30% ක් පමණ සපයන මෙම   විධිමත්  සංවිධිත කණ්ඩායම සැළකියයුතු කාර්යභාරයක් ආර්ථිකයට සිදුකරමින් සිටී.

අනෙක් 70% ක සහල් ප්‍රමාණය මෙරට අසංවිධිත සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් කණ්ඩායම සැපයුව ද ඔවුන්ගෙන් බොහොමයක් මෝල් හිමියන්ට වෙළෙඳපොළ තුළින් දෛනිකව වී මිලදී ගැනීමට සිදුව ඇති නිසා වී මිල ඉහළයන අවස්ථාවේ ඒ සඳහා මුහුණදීමට නොහැකිව ඇත. එසේම රටේ සමස්ථ සහල් අවශ්‍යතාවයෙන් 30% ක්ම අවශ්‍ය වනුයේ බස්නාහිර පලාතට වන අතර මෙම පලාත නිෂ්පාදන ප්‍රදේශයක් නොවන  පාරිභෝගික ප්‍රදේශයක් වන ඉහළම ජනගහනයක් වාසය කරන පලාත ලෙස හොද වෙළෙඳපොළක් පවතින බැවින්  අවම වශයෙන් මෙම ප්‍රදේශයන් හි සහල් අවශ්‍යතාවයෙන් කොටසක් හෝ ඉලක්ක කොට රජය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව වී මිලදී ගැනීමේ වැඩසටහනකට යා යුතුව ඇත. ඒ තුළ මෙවන් අසාමාන්‍ය මිල ඉහළ සහ පහළ යාම් පාලනයකර ගොවියාත් පාරිභෝග්කයාත් ආරක්ෂා කර පවත්නා රජයන්ට දේශපාලනික වශයෙන්  ඇතිවන විවේඡනයයන් ද අවමකරගතහැකි වනු ඇත.