වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්..!

වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්..!
Spread the love

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (20) ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

එමෙන්ම වෙනස්වන තත්ත්වයන් සැලකිල්ලට ගිනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුයි. මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කරනු ලැබුවේ 2018 වසරේදීය.