‘ශරීර ධනාත්මක වීම‘ සරාගීකම කියන සංකේතයක් ද ?

‘ශරීර ධනාත්මක වීම‘ සරාගීකම කියන සංකේතයක් ද ?
Spread the love

සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් පළ වන දේෂ සහිත සෙල්ෆි නිසා රූපලාවන්‍ය මෙන්ම කාන්තාවන් අතර මානසික ආතතිය ඇතුළු ගැටලු රැසක් පැන නැගී ඇති බව මනෝ විද්‍යාඥයින් මෙන්ම රූපලාවන්‍ය විශේෂඥයින් ද කියනවා.

මේ විනාශකාරී චර්යාව සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන රුපලාවන්‍ය විශේෂඥ අරුන්දතී මල්හෝත්‍රා මෙසේ කියනවා. ‘‘ සමාජ මාධ්‍ය ව්‍යාජ රූපලාවන්‍ය ප්‍රමිතීන් දක්වන දෝෂ සහිත සෙල්ෆි වලින් පිරී ඇති අතර ඒවා වේගයෙන් වෛරස් වේ. ඒත් ඒ සියල්ල සැබෑ නොවන බව මතක තබා ගැනීම වැදගත් වන අතර සමහර ඒවා අව්‍යාජ ඒවා වුවද එය එතරම් වැදගත් නොවේ‘‘

බර, සමේ තානය, කුරුලෑ, පියයුරු, උකුළු, දෙතොල් ඇතුළු ඔබේ පෙනුම වැරදියි කියා ඔබට සිතිය හැකි වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඔබට ඔබේ ශරීරය ගැන ස්වයං වින්දනයක් ලබා ගත හැකිය, නමුත් ඒවා මගින් ඔබට ඔබ අහිමි කිරීමට ඉඩ නොදෙන්න‘‘ ඇය වැඩි දුරටත් පවසයි.

ශරීර ධනාත්මකතාවය (Body positivity) යනු සෑම කීර්තිමත් පුද්ගලයෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙක්ම එක හා සමානව එකඟ වන දෙයක් වන අතර එය ඇතැම් විට ඍණාත්මක බලපෑම් ඇති කරයි. උදාහරණයක් ලෙස සෙල්ෆි ඡායාරූප මගින් ව්‍යාජ සුන්දරත්වයක් සහ රූපලාවන්‍ය ප්‍රමිතීන් ප්‍රවර්ධනය දැක්විය හැකිය.

(ශරීර ධනාත්මකතාවය (Body positivity) යනු පුද්ගලයන්ගේ ශාරීරික බර හෝ ප්‍රමාණය නොසලකා බල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන සමාජ ව්‍යාපාරයකි, එසේම සමාජය විසින් භෞතික ශරීරය ඉදිරිපත් කරන හා දකින ආකාරය අභියෝගයට ලක් කරයි. ශාරීරික හැකියාව, ප්‍රමාණය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය හෝ පෙනුම නොසලකා සියලු ශරීර පිළිගැනීමට මෙම ව්‍යාපාරය උපදෙස් දෙයි)

මෙහිදී දීර්ඝ කාලයක් පුරා සමාජයේ පවතින ශරීර ධනාත්මකතාව පිළිබද නිවැරදි නොවන ප්‍රමිතීන් ප්‍රවර්ධනය සිදුවන අතර ඇතැම් විට එය හිංසාකාරී එකක් බවට ද පත්වේ. නැතහොත් අනෙකාගේ මානසිකත්වයට ඍජුව ඍණාත්මක බලපෑමක් කරන දෙයක් බවට පත් වේ. සමාජ මාධ්‍ය, විශේෂයෙන් ඉන්ස්ටග්‍රෑම් මෙහිදී ඉදිරියෙන්ම තිබේ. 

මේ අතර ධනාත්මක ප්‍රවණතාවක් ලෙස සුන්දරත්වය පිළිබඳ සමාජ දෘෂ්ටියට නිර්භීතව හා පැහැදිලිවම අභියෝග කරන බලපෑම් කරන්නන් ද සිටිති.

ජෝර්ජි ක්ලාක් (Georgie Clarke)

සම

ශරීර ධනාත්මක බලපෑම්කාරියක වන ජෝර්ජි ක්ලාක් (Georgie Clarke) උදාහරණයක් ලෙස ගන්න. (ජෝර්ජිනා “ජෝර්ජි” ක්ලාක් යනු මධ්‍යම දුර ඉසව් සඳහා විශේෂඥ වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවකි. ඇය තරුණ හා කනිෂ්ඨ මට්ටමින් ජාත්‍යන්තර පදක්කම් කිහිපයක් දිනා ගත්තාය. ඇය වයස අවුරුදු 16 දී සිඩ්නි නුවර 2000 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වූවාය. ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ මිලියනයකට අධික පිරිසක් ඇත)

මෙම විශ්මය ජනක කාන්තාවගේ ඉන්ස්ටා පිටුව අපට පෙන්වන්නේ ඉන්ස්ටග්‍රෑම් ආභාෂය ලබා ගැනීමට කැමති වන්නේ කෙසේද යන්නයි. ඇය තමා විසින්ම පින්තූර ගන්නා අතර ඇය හොඳම දේ පමණක් පළ නොකරයි, නමුත් ඇගේ ශරීරය සැහැල්ලුවෙන් හා සාමාන්‍ය ලෙස පවතින ඊනියා ‘පරිපූර්ණ ඡායාරූපය’ අසල තවත් පින්තූරයක් පළ කරයි. එමගින් මිනිස් සිරුර පෙනුමෙන් නොසන්සුන් වී පින්තූරයක් සඳහා පෙනී සිටින ආකාරය ඔබට දැක ගත හැකිය.

සියලු ශරීර පරිපූර්ණ බව කාරුණික හා විශ්මය ජනක මතක් කිරීමකි. ඔබට නිවැරදි කෝණික ක්ලික් කිරීමක් නොලැබුණු පමණින් ඔබ අලංකාරයට වඩා අඩු දෙයක් නොවේ. ජෝර්ජි ශරීර බරින් පමණක් නතර නොවන අතර, ඡායාරූප සහ විවිධ ආලෝක සැකසුම් (the relation between different light settings) අතර ඇති සම්බන්ධය ද හෙළි කරයි, face tune apps  සහ තවත් බොහෝ දේවල ඔබේ ශරීරයේ සැබෑ තත්ත්වය ඉස්මතු කිරීමට හෝ සැඟවීමට හැකි ආකාරය ද ඇය තම ඡායාරූප මගින් හෙළි කරයි. 

සෙලෙස්ටෙ බාබර් Celeste Barber

සම


සෙලෙස්ටෙ බාබර් කීර්තිමත් පුද්ගලයින්ගේ අන්තර්ගතයන් ලබාගෙන එය සැබෑ කාන්තාවන්ට සාපේක්‍ෂ වන අයුරු හෙළි කරයි. කීර්තිමත් පුද්ගලයින් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පරිපූර්ණ වීඩියෝ පළ කරන විට ඇයගේ හාස්‍යය එතරම්ම අගනේය. ඇයගේ මේ ක්‍රියාවට කීර්තිමත් පුද්ගලයින් සහ ඇතැම් විට ඔබ ද කැමති නොවිය හැකිය. එහෙත් බාබර් අනුගමනය කරන හා ඇය නිසා දිරිමත් වන කාන්තාවන් මිලියන ගණනකි.

සෙලෙස්ටෙ යනු කීර්තිමත් පුද්ගලයන් සහ සැබෑ ජීවිත අන්තර්ගතයන් සඳහා අයිස් කඩන යන්ත්‍රයක් වැනි ය. ඊටත් වඩා, ඇය සිය ගිණුමෙන් අති විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, ඇය තමාගේම යූ ටියුම් නාලිකාවක් සාර්ථකව පවත්වා ගෙන යන්නීය. ඒ සියල්ල කළේ ඇය සතු අනුපමේය කැපවීම හා නිර්මාණශීලීත්වය නිසාය.

සෑම මිනිත්තුවක් පාසාම නව ශරීර ධනාත්මක පෝස්ට් එකක් අප සතුව ඇති අතර, ‘‘ශරීර ධනාත්මක වීම ඇත්ත වශයෙන්ම සරාගී ය‘‘ යන අදහස සනාථ කිරීම සඳහා තමන්වම භාර ගන්නා මෙවැනි බලපෑම්කරුවන්ට ස්තුති වේ!

ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි