ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!

ශ‍්‍රීලනිප සිරිපාල පිලත් බල පොරයක..! එම පිලත් යලි දෙකඩයි..!
Spread the love

අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට පත් කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම අර්බුදය හටගෙන ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකුද එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා බවද පැවසේ.

කෙසේ නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දෙන පාර්ශවය විසින් නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සලකමින් ඔහු වැඩ බලන සභාපති ධුරයට පත් කර තිබේ.

නමුත් ඇති ව තිබෙන තත්ත්වය මත පක්ෂය ඉදිරි කටයුතු කරගෙන යාම අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.