සංචරණ සීමා ඉවත් කිරීම: යුද හමුදාපති ‘බෝලය‘ විශේෂඥ කණ්ඩායම්වලට පාස් කරයි

සංචරණ සීමා ඉවත් කිරීම: යුද හමුදාපති ‘බෝලය‘ විශේෂඥ කණ්ඩායම්වලට පාස් කරයි
Spread the love

රට විවෘත කිරීමට පෙර කොවිඩ් -19 ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ජූනි 14 වැනිදා දක්වා බලාත්මක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුවන්නේ ද නැද්ද ? යන්න පිලිබදව අද (08) මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් ස්වභාවය ගැන විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක්  ලබන 14 වැනිදා විවෘත රට කිරීම ගැන සලකා බැලිය හැකි බවත්ය.

 මහාචාර්ය අර්ජුන ද සිල්වා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් දිගින් දිගටම අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් ස්වභාවය අනුව ලබන 21 වැනිදා දක්වා රට වසා දැමිය යුතු බවයි. දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා ඵලදායි නොවන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

‘මේ වන විට ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා විහිළුවක් බව මේ වන විට පැහැදිලිව පෙනී යනවා. අද ගාල්ලේ සිදු වුණ සිදුවීම මීට හොද සාක්ෂියක්. ඒ නිසා අපි රජයට අවධාරණය කරන්නේ මීට වඩා තීරණාත්මක පියවරකට යා යුතු බවයි‘ අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියා.