රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කළා.
ජනපතිවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාකර ඇත්තේ රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්ය.
කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර තිබෙනවා.
ජනපතිවරයාගේ මෙම තීරණය මේ වන විට සමාජමාධ්‍යවල දැඩිව විවේචනයට හා හාස්‍යයට ලක්ව ඇති බවක් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් නගර 40කට අධික සංඛ්‍යාවක් ව්‍යාපාරික සංගම් විසින් ගත් තීරණයක් අනුව වසා දමා තිබියදී සහ රාජ්‍ය ආයතන රැසක් සහ ඇතැම් අංශයන් වසා දමා තිබියදී ජනාධිපතිවරයා යළි යළිත් අවධාරණය කරනු ලබන කතාව හාස්‍ය ජනක බවයි.
එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි පරිදි හා ඵලදායී ආකාරයෙන් සිදු නොවන බවට ද එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයින් විශාල පිරිසක් ආසාදිතයින් වීම හෝ මිය යාම සිදු වූ බව ද ඔවුන් විසින් පෙන්වා දෙනවා.