සජිත්ගේ අනාගතය ගැන ‘චම්පිකගෙන් සුපිරි අනැවැකියක්‘

සජිත්ගේ අනාගතය ගැන ‘චම්පිකගෙන් සුපිරි අනැවැකියක්‘
Spread the love

2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වුවත් සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා, ‘‘පසුගිය 2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය සජිත් ප්‍රේමදාස මහතායි. ඒ නිසයි අපි ඔහු සමග දේශපාලනය කළේ‘‘

මෙහිදී මාධ්‍ය වේදියෙකු රණවක මහතාගෙන් ප්‍රශ්න කළේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා විපෂක්‍නායක පුටුවේ අසුන්ගැන්වීමට කුමන්ත්‍රණය කළ බවට පැතිර යන කතාව සත්‍යයක් ද කියයි.

‘‘සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා කිරීමට පෙරමුණ ගත්තේ මමයි. මම කිසිමදාක කිසිම කෙනකුට යටින් මඩ ගහන වැඩ කරන්නේ නැහැ. විවේචනයක් ඇත්නම් මම ඒක එ කෙලින් ප්‍රකාශ කරනවා. මම එහෙම කරන්න කිසිමදාක බය වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රට පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් පමණයි. මම සිහින දකින්නේ රටේ පවුල් වාදයට උරුම වී තියෙන මේ දේශපාලනය රටේ නිපුණතාවය හා හැකියාව ඇති පරම්පරාවට උරුම කර දීමටයි. ඒක තමයි මගේ අරමුණ වන්නේ. එතැනින් එහාට මඩ දේශපාලනයක් මට නැහැ‘‘ යැයි ද චම්පික රණවක මහතා අවධාරණය කළේය.