සහල් මිල පාලනයට මියන්මාරයෙනුත් සහල් ගෙනෙයි

සහල් මිල පාලනයට මියන්මාරයෙනුත් සහල් ගෙනෙයි
Spread the love

අඛණ්ඩව ඉහළ යමින් පවතින දේශීය වෙළෙඳපොළේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්‍ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනය කිරීමට පසුගිය සැප්තැම්බර් 27වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.  ඒ අනුව රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ලිවිසුමක් මත පදනම්ව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

එහි දී මෙට්‍රික් ටොන් එකක මිල දැක්වෙන්නේ අමෙරිකන් ඩොලර් 460ක් ලෙසය. සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කිරීම පිණීස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.