ස්වේච්ඡාවෙන් වසා දැමූ නගර සංඛ්‍යාව 58 දක්වා ඉහළට

ස්වේච්ඡාවෙන් වසා දැමූ නගර සංඛ්‍යාව 58 දක්වා ඉහළට
Spread the love

කොවිඩ්-19 අවදානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කිරීම සමග දිවයින පුරා මෙසේ වසා දැමූ නගර සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගියා.

මෙම නගර ස්වේච්ඡාවෙන් වසා දැමුව ද මෙම නගරවල ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.

අද දින ස්වේච්ඡාවෙන් වසා දමන ලද නගර වන්නේ, බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, කඹුරුපිටිය, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව යන නගරයි.

ඊයේ දිනය වන විට ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්තත යේලක්කරය, අනුරාධපුර, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව සහ යාපනයයන නගර ස්වේච්ඡාවෙන් වසා දැමීමට අදාළ නගරවල ව්‍යාපාරික සංගම් පියවර ගෙන තිබෙනවා.

මේ අතර මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (17) මෙසේ නගර වසා දැමීම ගැන ප්‍රකාශයක් කළා. එහිදී ඇමැතිවරයා කියා සිටියේ මෙසේ නගර වසා දැමීම පිටුපස ආණ්ඩුව පෙරළා දැමීමේ උත්සාහයක් පවතින බවයි.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සමාජමාධ්‍ය වල දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක්ව තිබුණා