සාපෙළ සහ පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමැතිගෙන් ප්‍රකාශයක්

සාපෙළ සහ පාසල් විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමැතිගෙන් ප්‍රකාශයක්
Spread the love

සැප්තැම්බර් පළමු සතිය තුළ දිවයිනේ පාසල් නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.

අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීමට පෙර අමාත්‍යාංශය විසින් COVID-19 එන්නත දෙවන මාත්‍රාව අගෝස්තු මස අග වන විට ගුරුවරුන් සඳහා ලබා දීමට අපේක්ෂා කරන බවයි.

නිශ්චිත සැලැස්මක් අනුව හා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය යටතේ පාසල් නැවත විවෘත කරන බව පැවසූ අධ්‍යාපන ඇමැතිවරයා සැප්තැම්බර් පළමු සතිය තුළ පාසල් නැවත විවෘත කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ පූර්ණ සහාය ඉල්ලා සිටි බව ද පැවසුවා.

මෙහිදී 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ගැන කරුණු සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ අ.පො.ස. 2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි 21 දක්වා කල් දමා ඇති බවයි.

සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් රටේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් විභාගය කල් දැමීමට අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ඔහු පැවසුවා.