සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!
Spread the love

ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක්  ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

මේ වනවිට අපේ සත්ව ගොවිපොළවල් 290,592ක් තිබුනත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි. මින් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වේ.

කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී ඇතැයි ද සත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම  අනිවාර්ය බවද අමාත්‍යාංශය පවසයි.