සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක

සියලු බලවේග KDU පනතට එරෙහිව ‘කොන්දේසි විරහිතව’ එක්විය යුතුයි – චම්පික රණවක
Spread the love

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත්, 43 සේනාංකයේ නියෝජිතයින් කීපදෙනෙකුත් යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව අද (23) දින පැවති සාකච්ඡාවකදී චම්පික රණවක මහතා මේ බව පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසූයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමත්, මුදලට අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් දියත් කිරීම හරහා, විශ්වවිද්‍යාල ප්‍රථිපාදන කොමිශන් සභාවත් 1978  විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන පනතත් අභිබවායන මිලිටරි අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීමටත් ඔවුන් විරුද්ධ වන බවය.

මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ 1988 දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් එවකට පැවති ජේ .ආර්  ජයවර්ධන ආණ්ඩුව සමග සාකච්ඡා කළ නියෝජිතයකු වශයෙන්, විශේෂිත විශ්වවිද්‍යාලයක් වශයෙන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ඉහළට නංවා, ආරක්ෂක අංශවලට බැඳුණු කැඩෙට් නිලධාරීන් රජයේ විශ්ව විද්‍යාලවලට අන්තර්ග්‍රහනය කිරීම වෙනුවට ඔවුන්ට විශේෂිත විශ්ව විද්‍යාලයක් නිර්මාණය කිරීමට එකඟ වූ බවයි. නමුත්, යෝජිත පණත හරහා, ආරක්ෂක අංශ වල අයවලුන්ට අමතරව සිවිල් පුද්ගලයින්හට මුදලට අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්ථාව ඇති කර තිබීම හරහා තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශේෂිත විශ්ව විද්‍යාලයක් නොවනු ඇති බව රණවක මහතා පැවසීය.

‘‘මේ හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරවීමයි. එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බව‘‘ ද චම්පික රණවක මහතා පැවසීය.