‘සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ’

‘සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ’
Spread the love

මීට වසරකට පෙර තම වාහනය විකුණා ඇති බැවින් තමාට මෙය නොතේරෙන බව නිරූපිකාවක් වන පියුමි හංසමාලි සිය නිල ෆේස්බුක් පිටුවට පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

“වාහනය ගත්ත අය මට දුන්නේ සම්පූර්ණ මුදලින් බාගයක් විතරයි. තවම වාහනය මගේ නමට ලියාපදිංචි කරලා තියෙනවා. මම මගේ වාහනය පාවිච්චි කරලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා නැහැ. මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඒක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මම සියයට 1000ක් නිවැරදියි.

“අනේ දෙවියනේ, විශේෂයෙන්ම ගැණුම්කරුගේ පසුබිම් සියල්ල දැනගෙන වාහනය විකුණපු එක ලොකු සහනයක් වුණා. එහෙම වුණාට මම තාමත් අමාරුවේ වැටෙන්නේ ඒ වාහනය කලින් පාවිච්චි කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා. සීඅයිඩීය මට සාමකාමීව ජීවත් වෙන්න දෙන්නේ නැහැ, මේක මගේ නරකම කරුමයක්, මට මගේ මානසික නිදහස නැති වුණා.

“වාහන ගත්තෙ මගේ පරණ යාලුවෙක් වෙච්ච අත් අඩංගුවට ගත්ත කෙනාගෙ වයිෆ්ගෙ නමට.ඉතින් මම එයාලව විශ්වාස කළා ඉතුරු ටික පස්සෙ ගෙවන්න.ඒක තමයි මගේ හැටි.මේක දන්න අයට තේරෙනවා.එයාල මට රු. .දෙපාරක් ලක්ෂ 50යි ඒක තමයි ඇත්ත. මේක මම හිතුවෙවත් නැති මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධයකට මාව කොටු කර ගැනීමේ උපක්‍රමයක්. මාව මේකට ඇදලා දාන්න හදන අයට මේක ශාපයක් වෙයි. මම ඔයාලා හැමෝටම ශාප කරනවා” ඇය වැඩිදුරටත් පැවසුවාය.