හැංගිලා ඉදපු පොහොට්ටුව පොර ටෝක්ස් එක්ක එලි බහිද්දි කල්යල් බලාසිටි ජනපති රනිල්ගෙන් නිල අල්ලා ප්‍රහාරයක්..!

හැංගිලා ඉදපු පොහොට්ටුව පොර ටෝක්ස් එක්ක එලි බහිද්දි කල්යල් බලාසිටි ජනපති රනිල්ගෙන් නිල අල්ලා ප්‍රහාරයක්..!
Spread the love

එළියට නොබැස හැංගී සිටි පොහොට්ටුව රනිල් ගේ රැකවරණ යටතේ කල එළි බැස්සා පමණක් නොව පසුගියදා සමුළුවක් ද තිබ්බේය. ඊට එන බස් හා පාක්ෂිකයන්ට බෙිරේ නාන තර්ජණ ආවද රනිල් සියල්ලට ආරක්ෂාව දුන්නේය. සමුළුවේදී ධම්මික පෙරේරා වීදුරු පෙට්ටියක තබා ප්‍රදර්ශනය කළේ ජනපති අපේක්ෂක ලෙස අගවමිනි.

එහෙත් ජනපති රනිල් ඒ සමගම කැබිනට් හමුවෙන් පසු තමා තරඟ කරන බව කියා එය රටට ලීක් කළේය. නාමල් සාගර හා පොහොට්ටුවට කරකියාගත දෙයක් නැතිව “ධම්මික” අපේක්ෂකයා නෙවෙයි. 04 දෙනෙක් ඊට පොරබදනවායි කියා ඇග බේරාගත්තේය. අපේක්ෂකත්වය පෙන්වා පොහොට්ටුව ධම්මිකගෙන් ලක්ෂ 150 ඉක්මවා දත් ගැලවූ බව ද කියවෙයි. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බව මෙතනදීද පැහැදිලිවී තිබේ.

“පොහොට්ටුව හා තව ප්‍රධාන පක්ෂයක් සහාය දෙනව නම් විතරයි ඉල්ලන්නේ” ධම්මික ව්‍යාපාර සගයෙකුට කියා තිබේ.

තම මුදල් බලය තුළ ජවිපෙ සහාය ලැබෙතැයි ඔහු සිතන බව ද කියවේ. තෙල් හා වතුර කලවම් නොවන බව තනතුරු උන්මාදය හමුවේ සමහරුන්ට නොතේරීම ඊට නිදසුනකි.