හිටපු මන්ත්‍රීවරුන්ට ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක් ගැන ඇමැති බන්දුල හෙළි කරයි

හිටපු මන්ත්‍රීවරුන්ට ලැබෙන සුවිශේෂ වරප්‍රසාදයක් ගැන ඇමැති බන්දුල හෙළි කරයි
Spread the love

විශ්‍රාම ගිය පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමේ නව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය අවසන් වූ පසු ඔවුන්ට මෙම ගිනි අවි මිලදී ගෙන තමා සන්තකයේ තබා ගත හැකි බවයි.

අතිරේක ගිනි අවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

අරගලකරුවන් පිරිසක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වධ හිංසා පමුණුවා ඝාතනය කළ බව ද සඳහන් කළ අමාත්‍යවරයා, අරගල විරෝධතාවයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රට පිළිබඳ අයහපත් ප්‍රතිරූපයක් ඇති වූ බව ද සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ වත්මන් අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි දෙකක් නිවසේ තබා ගැනීමේ වරප්‍රසාදය රජය විසින් ලබා දී ඇති අතර ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙම ගිනි අවි මිලදී ගැනීමට ඉල්ලීමක් කළ හැකි බවත් කැබිනට් ප්‍රකාශකවරය ප්‍රකාශ කළේය.

ෙදැනට නිකුත් කර ඇති පිස්තෝලවලට අමතරව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රිපීටර් ගිනි අවි ලබාදීමට ද ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් සඳහන් කළේය.