හොර දුරකතන ලංකාවට ගලයි…! බලධාරින්ගේ නින්ද නිසා රජයට වසරකට ඩොලර් මිලියන 96ක පාඩුවක්..!

හොර දුරකතන ලංකාවට ගලයි…! බලධාරින්ගේ නින්ද නිසා රජයට වසරකට ඩොලර් මිලියන 96ක පාඩුවක්..!
Spread the love

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන එන ජංගම දුරකථන හේතුවෙන් නිත්‍යානුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට පත්ව සිටි.

මේ හේතුවෙන් රට රජයට ද විශාල බදු ආදායමක් අහිමි වෙමින් ඇතැයි එම ආයතන පෙන්වා දී ඇත.

නිත්‍යානුකූල නොවන ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන ලියාපදිංචි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ‍ප‍්‍රකාශ වී ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක කර නැත.

වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමත් සමග නීත්‍යානුකුල සමාගම් තවදුරටත් අසරණ වන ඇති අතර ඉන්රජයට ලැබෙන බදු ආදායමද අඩුවනු ඇති බවත් සමාගම් විසින් රජයේ බලධාරීන්ට පෙන්වා දී තිබේ.

නීත්‍යානුකූල ජංගම දුරකථන සමාගම් වර්සරකට රජයට ඩොලර් මිලියන 52ක් බදු ගෙවන අතර නීත්‍යානුකූල නොවන දුරකථන ගෙන්නන පිරිස් ඩොලර් මිලියන 96කට වඩා වැඩි බදු ආදායමක් අහිමි කරන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ගුවනින් මුහුදෙන් මෙසේ නීත්‍යනුකූල නොවන ලෙස ජංගම දුරකථන ගෙන එන බවත් ඒවා පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවන නිසා ජාවාරමක් බවට පත්ව ඇති බවත් තවදුරටත් පෙන්වා දී ඇත.