අක්බාර් ටවුන් යලි එඩේරමුල් කරනවා… – ෆයිසර් මුස්තාෆා

Spread the love

 

එඩේරමුල්ල අක්බාර් ටවුන් ලෙස නම් කිරීම හේතුවෙන් පසුගිය දින වල මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණකි.එබැවින් ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල  ප‍්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ  සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.
 
එම නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම කොට්ඨාසය එඩේරමුල්ල ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාල කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය ඉක්මණින් ඉදිරිපත් කරන බව ද පැවැසී යැයි හෙතෙම සඳහන් කළේය.
 
මෙම බල ප‍්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් ගත් තීරණයක් නොවන බවත් එය දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ නිර්දේශ සහිතව අශෝක පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් කර ඇති බවත් පැවැසී යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.