“අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

“අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)
Spread the love

මෙරට ඉතිහාසය තුල රටේ උගත්, නූගත් ජනතාවට ජාතිය, ආගම, දේශප්‍රේමය සහ අන්ධ මිත්‍යාවිශ්වාස තුලින් ගොනාට අන්දවා පවුල් බලය තහවුරු කරගත් සහ ඒ බලය පවත්වාගෙන යෑමට එම ක්‍රමවේදයම නිරන්තරයෙන් යොදාගන්නා යම් පවුලක් වෙත්නම් ඒ රාජපක්ෂ පවුල් පාලනය බව අපගේ විශ්වාසයයි. කෝවිඩ්-19 වැනි අධි අවදානම් වෛරසයකට ලෝකයම විද්‍යාත්මකම තහවුරු කළ ඖෂධයක් සොයන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කට්ටඩි වැඩ කරන මේසන් බාස් අයවලෙකුගේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති, තහවුරු කිරීමක් නොමැති ඊනියා පැණියක් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම මෙතෙක් ලොව පිළිගත් රාජ්‍යයක මෙන්ම ලක් ඉතිහාසයටවත් සිදු නොවූ තරමේ ඛේදවාචකයෙකි. කෝවිඩ් 19 දෙවන රැල්ලෙන් අසාර්ථක වූ ආණ්ඩුව ඊට නිසි සැලැස්මක් වෙනුවට ඉන් බේරී ජනමනස සකසන්න විවිධ උපක්‍රම භාවිතා කළ තර ධම්මික පැණියේ, පැණි නාටකය ආණ්ඩුවේම තවත් අසාර්ථක තිර පිටපතක් බවට දැන් ඔප්පු වෙමින් පවතී.

මෙය කෙතරම් අභ්‍යාග්‍යසම්පන්න, සෝචනීය තත්වයක්ද යත් මෙරට සියලු ගෞරවනීය ආගමික නායකයින් සහ උගත් බුද්ධිමතුන් ඇතුළු රටක අභිවෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් වැඩ කරන පිරිස්වලට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩින්, මේසන් බාස්ලා ඉදිරියේ කර බා ඔවුන්ට ආශිර්වාද කරමින් නිහඬව බලා සිටීමටත්, එහෙයියන් වීමටත් සිදුව තිබීමයි.

මෙවැනි විකාර රූපී අයවලුන්ගේ මිත්‍යාවිශ්වාස පිළිගැනීම, ඒවා පසුපස යෑම සහ ප්‍රවර්ධනය කිරීම රාජපක්ෂලා සහ ඔවුන් වන්දනා කරන වහල්ලුන්ට අලුත් දෙයක් සහ දැනෙන යමක් නොවූවද, මේ වන විට වත්මන් ගෝඨාණ්ඩුව මේ කෙලෙසමින් සිටින්නේ පෞඩ්‍ර, දියුණු තාක්ෂණික ඉතිහාසයක් පැවති රටක අභිමානය සහ අනාගතයයි.

මේ පහත දැක්වෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ නිකුත් කරන “ධම්මික පැණිය” හිමිකරු සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ඇතුළු අටමස්ථානය භාර අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අමතන ආකාරයයි.

රටක උගතුන්, වියතුන් වෙනුවට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩි, මේසන් බාස්ලාට සියල්ලන්ට ඉහලින් වැජබෙමින් රිසි සේ රඟන්න රාජ්‍ය අනුග්‍රහය දෙන ආණ්ඩුවක් පිළිබඳව රටක පුරවැසියන් ලෙස සිතා බැලීම ඔබට භාරයි.

ඡායාරූප සහ දර්ශන උපුටා ගැනීමේ ස්තුතිය: Sirasa News 1st