අද දිවයිනටම ඇඳිරි නීතිය නෑ

අද දිවයිනටම ඇඳිරි නීතිය නෑ
Spread the love

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ අද(16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වයඹ පළාතේ සහ ගම්පහ කොට්ඨාශයේ කිසිදු ප්‍රචණ්ඩකාරි සිද්ධියක් මේ වන විට වාර්තා වී නොමැති බවයි.

මේ වන විට ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, කිසිදු නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා නොවීම හේතුවෙන් අද දිනයේ දී ඇඳිරි නීතිය පැනවීමට බලාපොරොත්තු නොවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.