අධික ලෙස දුම් පිට කළොත් වෙන දේ VET අධ්‍යක්ෂ කියයි

අධික ලෙස දුම් පිට කළොත් වෙන දේ VET අධ්‍යක්ෂ කියයි
Spread the love

අධික ලෙස දුම් පිටකරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (Vehicular Emission Test Trust Fund – VET) නිවේදනය කරයි.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේ එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමු කළ හැකි බවයි.

VET අධ්‍යක්ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා පමණක් දුම් සහතිකය ලබා නොගන්නා ලෙසයි. ඇතැමුන් වංචනික ක්‍රමවලින් දුම් සහතිකය ලබා ගැනීමට උත්සාහ කළත් පොලිසිය සහ මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් දිවයින පුරා දැඩි පරීක්‍ෂණ සිදු කරන බව ඔහු සඳහන් කළේය.

වාහනයකින් අධික දුම් පිටවන ආකාරය නිරීක්ෂණය කළහොත් වාහන හිමිකරුට නඩත්තු නියෝගයක් නිකුත් කරන බවද ඔහු පැහැදිලි කළේය. ගැටලුව විසඳා නොගන්නේ නම්, එම වාහනය සඳහා තහනම් නියෝගයක් නිකුත් කරන බව ද ඔහු අවධාරණය කළේය.