විහාර මහා දේවී උද්‍යානයටත් කඳුළු ගෑස් ප්‍රහාර..

Spread the love

කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි. 

පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

එක් මංතීරුවක කැරලි මර්දන රථ නවතා තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෙන්වූ උසාවි නියෝගය නොසලකා කැරලි මර්දන රථ මගහරිමින් පුරහල දෙසට ගමන් කිරීමට විරෝධතා කරුවෝ උත්සාහ ගත්හ.

ඉන්පසු පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවෝ විහාර මහා දේවී උද්‍යානය තුළට පැනගත්හ.

පොලිසිය මේ වන විට විහාර මහා දේවි උද්‍යානය තුළටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව සිටිති. 

[rns_reactions]