"අන්තිමේදී රන්ජන් රාමනායකත් හොරකම් කරලා" නැගෙන චෝදනාවට රංජන්ගෙන් අවංකවම පිළිතුරක්

Spread the love

SLVLOG තුලින් රන්ජන් රාමනායක මහතා “අන්තිමේදී රන්ජන් රාමනායකත් හොරකම් කරලා” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්  නිකුත් කර තිබෙනවා. එම වීඩියෝවේ සඳහන් කරුණු කාරණාවලට රංජන් මහතා අවංක පිළිතුරක් ලබා දී තිබෙනවා. 

එම වීඩියෝව පහතින් නරබන්න….

අනෙකුත් දේශපාලකයන් තමන්ට චෝදනාවක් නැගෙන විට එම චෝදනාවෙන් නිදොස් වීම සඳහා දස අතේ බොරු ටොන් ගණන් කිසිම ලැජ්ජාවකින් තොරව  කියන අපුරුව  අප හොදින් දැක ඇත.  නමුත් රංජන් මහතා තම facebook පිටුව හරහා එහි සත්‍ය සිද්දිය කුමක් දැයි අවංකව ප්‍රකාශ කර ඇත..

උපුටා ගැනීම…

“ස්වභාවධර්මයට බොරු කළ නොහැක

රන්ජන් රාමනායක වාහන හොරකමක නියැළුණු බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයනවා. ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට ලබාදෙන පුද්ගලික මන්ත්‍රී වාහන බලපත්‍රය මා ලබාගැනීමයි ගැනයි මෙලස විවේචනයට ලක්ව තිබෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා බලපත්‍ර ලබාගැනීමේදී විවේචනය නොවීමත් මා බලපත්‍රය ලබාගැනීමේදී විවේචනයට ලක්වීම ගැනත් මට ඇත්තේ සතුටකි.

සැප වාහන පිස්සුවක් මට නැති නිසා මගේ බලපත්‍රයට ලබාගත් වාහනය භාවිතයට නොගෙන එයින් ලැබෙන මුදල මම ජනතා සේවයට යොදා ඇත්තෙමි. එයන් කිසිදු සතයක් මට සැප පහසු ජිවිතයක් ගත කිරීමට මම වියදම් කර නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එලෙස මම සතයක් හෝ ලබාගෙන ඇත්නම් මටම මම හෙණ වදින ලෙස ප්‍රර්ථනා කරමි. මම අදටත් ජිවත් වන්නේ කුලී නිවසක බවත් මේ ලෝකයේ මට කිසිදු පර්චසයක් වත් නොමැතිබව මා ගැන දන්නා සියල්ලන්ම දනී. මම හැමදාව කියන්නාසේ යානා වාහන මිල මුදල් රැස්කිරීම මගේ ජිවිතේ අරමුණ වුයේ නම් මම පොඩි නිවසක ජිවත්වි පරණ වාහන පාවිච්චිකරමින් ජීවත්වන්නේ නැත.

මම බහුතරයක් දේශපාලකයන් මෙන් හොරකම් කර නැත, කොමිස් ගන්නේ නැත. ව්‍යාපාරිකයන්ගෙ ඕනෑම එපාකම් ඉටු කර මුදල් ලබාගෙන නැත, පස් හොරුන් වෙනුවෙන් පෙනී සිට නැත, ඇමති වාහන අරන් නැත, ඇමති නිල නිවාස අරන් නැත.

මා විවේචනය කරන ඇතැම් අය මගෙන් බලාපොරොත්තු වන්නේ ලක්ෂ 400 ඇමති වාහන, සැප නිවාස හා පාර්ලිමේන්තු දීමනා ප්‍රතික්ෂේප කරන රන්ජන් මෙයද ප්‍රතික්ෂේප කළ යුතු බවයි. නමුත් මගේ සහ මගේ කාර්ය මණ්ඩලයේ තීරණය වුයේ මෙම බලපත්‍රය යොදාගෙන ජනතා සේවය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමටයි. සියළු ගණන් හිලව් ඇතිව එය සිදුවේ.

ඇතැම් මන්ත්‍රීවරුන් කරනවාසේ බලපත්‍රය පසුව ලියාපදිංචිකර ජනතාවගෙන් වසන්කිරීමට මා කටයුතු කළේ නැත. ප්‍රසිද්ධියේ මා එම පැවරීම සිදුකළේ එය නිත්‍යානුකුල බව පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් තහවුරු කරගැනීමෙන් පසුවයි.

එයින් එකදු සතයක් මගේ පුද්ගලික භාවිතයට මම ගත හොත් මට හෙණ වදින ලෙස මම ම ප්‍රර්ථනාකරමි. මොකද අනිකුත් දේශපාලකයන් මෙන් බොරු කියා මට ඔබෙන් බේරෙන්නට පුළුවන් වුවත් උඩ ඉන්න දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් බේරීමට මට නොහැකි බව මම දනිමි.

මීට

රන්ජන්”

[rns_reactions]