අමෙරිකාව සමඟ ඇක්සා සහ සෝෆා ගිවිසුම් අස්සන් තැබිමෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී අනිටු ප්‍රතිවිපාක විදිමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (17) මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයා මහ අගමැතිවරයා අතර ඉතාම තියුණු සටනක් තිබේන බවයි. ඒ සියලු ගැටුම් නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිලිබඳව බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මේ වන විට ඇක්සා ගිවිසුම අත්සන් කර අවසන් වුවත් ඒ පිලිබඳව කිසිදු පාර්ශවයක් තොරතුරු නොදන්නා බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙම ගිවිසුම නිසා ඔවුන්ට කටයුතු කිරීමට අවශ්‍ය සියලු විය හියදම් මෙරටට දරන්න වන බවත් , අමෙරිකාවට අවශ්‍ය වී ඇත්තේ ඉන්දියන් සාගරේ සිය බලකොටු පිහිටුවා ගනීමින් සිය බලය තහවුරු කර ගැනීමට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඉදිරියේදි අමෙරිකාවේ සහ චීනය අතර ගැටුමක් ඇති වුවහොත් කිසිදු හෙතුවන් නොමැතිව ඔවුන්ගේ ගැටුම්වල ගොදුරක් විය හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

