අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි

අනෙක්වා බහිද්දී මංගලගේ එක විතරක් නඟින රහස කුමක්දැයි මහින්ද අසයි
Spread the love

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වුවත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ මිල සූත‍්‍රයෙන් මෙරට ඉන්ධන මිල වැඩිවන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

මිල සූත‍්‍රයට අනුව මාසයකට වරක් මෙරට ඉන්ධන මිල ඉහළ යෑමේ රහස දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ ජනතාව සෑම අංශයකින්ම පීඩාවට පත්ව සිටින අවස්ථාවක ඉන්ධන මිලත් මාස්පතා මෙලෙස වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයකට පත්වන බවත් මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගත යුතු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මිල සූත‍්‍රය හඳුන්වා දුන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිලෙහි වෙනස්වීම් අනුව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට වුවත් මිල අඩුවන විට මෙරට මිල ඉහළ යෑම අමුතු සූත‍්‍රයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රටේ ග‍්‍රාමීය ආර්ථිකය සහමුලින්ම කඩා වැටී ඇති බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.