අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)

අපිට ඕනි රාජපක්ෂ පවුලේ ආණ්ඩුවක් විතරයි – ගොට්ටන්ගේ සිඟිති කතා (Video)
Spread the love

19 වන ව්‍යවස්ථාව හේතුවෙන් රටට පවුල් ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ඊයේ(14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසීය.

“ගම්පහට නම් එන්න එපා.19 තියාගෙන ආණ්ඩු කරනවා නම් . නෝනයි මහත්තයයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් තාත්තයි පුතයි ආණ්ඩු කරන්න ඕනෙ. නැත්නම් අයියයි මල්ලියි ආණ්ඩු කරන්න ඕනෙ. 19 තියාගෙන පක්ෂ දෙකකට ආණ්ඩු කරන්න බෑ“