එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායමේ ප්‍රබලයකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජාලාවල සංසරණය වෙමින් ඇත.
පවතින තත්වය මත එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යාමට ගටක් නැති බවත් කෙසේ හෝ ගටක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලනු එම එඬ පටයේ ඇත.
එසේම තමා එපා කියද්දී විජේදාස රාජපක්ෂයා නොහොත් “ඩීල්දාසයා” පක්ෂයට ගෙන අධිකරණ ඇමතිකම දුන් බවත්, ඩීල්දාසයා අපිට අරිමින් රාජපක්ෂලාගේ නඩු බඩු සමඟ වහන්න ඩීල් දැමූ බවද මෙහිදී ඔහු අගමැති මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහට සිහිපත් කර දෙයි.
තවද මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට තමන් විරුද්ද වූ බවත් පසුව ඇති වූ බැදුම්කර චෝදනාවේදී තමන් පක්ෂය වෙනුවෙන් බෙල්ල දුන් බවත් ඔහු අගමැතිවරයාට සිහිපත් කරයි.