සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගය මාලිංගට අහිමි වුණා.
අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙන මාලිංගට අද පැවැත්වෙන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් හිමිවෙනු ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. මේ අතර අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතත් ඔහුට අද තරගයේදී ස්ථානයක් දිනා ගැනීමට පවතින්නේ අවම ඉඩක් බවද වාර්තා වෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් වීම හේතුවෙන්.
ලසිත් මාලිංග පුහුණුවීම් සිදු කරන වීඩියෝවක්ද මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත එක් වී තිබෙනවා.
https://www.facebook.com/newsalbum/videos/1268346423220109/
[rns_reactions]

