අමාත්‍ය ෆයිසාර් මුස්තාෆාගෙන් ලබන සඳුදාට විශේෂ ප්‍රකාශයක්

Spread the love
සීමානිර්ණ ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලබන සඳුදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරනු ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා මේ බව සහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ (25) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා එහිදී කියාසිටියේ පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාම සහ අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ හැසිරීම සම්බන්ධයෙන් සැකසහිත භාවයක් පවතින බවයි.

පවතින තත්ත්වය පිළිබ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෝ ජනතාව හමුවේ කිසිදු කරුණු දැක්වීමක් සිදුනොකිරීම අනුමත කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා විදේශ ගතවී ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණු අතර එයට ප‍්‍රතිචාර දක්වමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවට කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි. 

[rns_reactions]