අයිස්ක්‍රීම් දන්සල නවතා පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ කල සුපිරි වැඩක්….

Spread the love

අක්මීමන – තේජා සිංහබාහු හබරාදුව – අනුර ප්‍රියන්ත

හබරාදුව, පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ පදනම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වසර දහයක් පුරා පවත්වාගෙන පැමිණි අයිස්ක්‍රීම් දන්සල නවතා ඒ සඳහා එකතු වූ මුදල, කොඳුඇට පෙළ අක්‍රමවත්ව නැවීයෑමේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව සිටින අසරණ පාසල් සිසුවියකගේ සැත්කම සිදුකිරීම සඳහා ලබාදීම පොසොන් පෝදා සිදු කෙරිණි.

හබරාදුව, ලියනගොඩ ‘දහම්පාය’හි පදිංචි ජේ. ඒ. කවිෂා (17) නමැති පාසල් සිසුවිය මෙසේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව ඇති අතර ඉන්දියාවේදී සිදු කළ යුතු ඇයගේ රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය සැත්කම වෙනුවෙන් ලක්ෂ 25ක මුදලක් අත්‍යවශ්‍යව තිබී ඇති අතර එම මුදලින් රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් මේ වන විට සොයාගෙන ඇත. අදාළ සැත්කම සිදුකිරීම සඳහා අවශ්‍යවන මුදල් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සල වෙනුවෙන් එකතුවී තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට අධික (1,55,000) මුදල මෙලෙස එම සිසුවිය අතට ලබා දෙන ලදී.

ළබැඳි මිතුරෝ නම් මෙම සංවිධානය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීද අසරණ පවුල් සඳහා නිවාස තනාදීම ආදී සත්කාර සිදුකොට තිබිණි.
මේ දැරියට අදාළ මුදල් පරිත්‍යාගය කිරීම වෙනුවෙන් හබරාදුවේදී සංවිධානය කළ උත්සවයට හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

[rns_reactions]