ඇමති අර්ජුන රණතුංගේ නියෝගයෙන් නිකුත් කළ ගැසට් නිවේදන නොතකා දුම්රිය සේවකයින් මේ වනවිට වර්ජනයක නිරත වෙයි.
ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.
වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණි.
රජය ප්‍රකාශ කළේ සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විධිමත් ලෙස ඊට විසඳුම් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
එහෙත් එම ඉල්ලීම නොසලකා දුම්රිය සේවකයින් වර්ජනයේ නිරතවෙයි. කෙසේ වුවද දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ අනුව වර්ජකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

