අල්ලනවා කිවුවේ රාජපක්ෂ හොරු. දැන් අල්ලන්නේ අපිව.. ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්

Spread the love
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

“මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා

පොදු අපේක්ෂකයා විදියට එතුමා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. 

[rns_reactions]