අල්ලස් ගෙන මාට්ටු වූ හිටපු නි.අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට වසර 4ක සිරදඬුවම්

Spread the love

ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත අවුරුදු 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රු. 10000/- ක දඩයක්ද කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් නියම කරන ලදි.

2007.11.01 දින සහ 2007.12.26 දින අතර කාල සීමාව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන බව පවසා අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නැමති කාන්තාවකගෙන් රු. 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විත්තිකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීන්දුව ප්‍රකාශ කරමින් මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම ප්‍රකාශයට පත්කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

[rns_reactions]