අලුත්ම CEB Care Appඑක

අලුත්ම CEB Care Appඑක
Spread the love

CEB Care ජංගම දුරකථන මෘදුකාංගය (app) හඳුන්වාදීම බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (17) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.

එම මෘදුකාංගය හරහා විදුලි ගිණුම් ඇතුළත් කිරීම , විදුලිය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම , එම පැමිණිලි ක්‍රියාත්මක වන ආකාරය , විදුලි බිඳ වැටීම් දින දර්ශන , විදුලිය සම්බන්ධ කෙටි දැනුම් දීම් , අන්තර්ජාල ගෙවීම් පහසුකම් , බිල්පත් ගණනය කරන ආකාරය වැනි ක්‍රියාවන් රැසක් සිදු කර ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම දුරකථන මෘදුකාංගය ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට අයත් ඉංජිනේරුවරු 9 දෙනෙක් විසින් නිර්මාණය කර ඇත. ඒ සඳහා දායකත්වය දැක්වූ එම නිර්මාණකරුවන් ඇගයීම සහ සහතික පත් ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදු විණි.