ශ්රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් දනුෂ්ක ගුණතිලක ලකුණු 51ක් රැස්කළ අතරම අවසන පන්දු ඕවරය තුලදී ඔහු අතට පැමිණි උඩපන්දුව රැකගත්තේනම් තරගයේ තීරණය වෙනස් වන්නට ඉඩ තිබු බව විස්තර විචාරකයන්ගේ අදහස වී ඇත.

