අවුරුද්දක දරුවාට බෙන්ස් කාර් එකක් දුන්න අපේ කාලේ දේශපාලනඥයා..(video.photos)

Spread the love

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.

ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.

පුංචි ජොවීන්‍යාගේ උපන්දින තෑග්ග උනේ රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයක්!

එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කර තිබෙනවා.

මෙම අවස්ථාවට කුඩා නොවීන්‍යාගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.

කෙසේ නමුත් රටේ එක් කොටසක මිනිසුන් කසල කන්දකට යටවී මියයද්දී සහ එදා වෙලා හරි අමාරුවෙන් හොයා ගනිද්දී තවත් පසෙක දේශපාලකයන් මෙසේ සුරංගනා ලෝකවල ජිවත් වීම කොතරම් සාධාරණද?

කෙසේ වෙතත් දේශපාලකයන් මෙම තත්වයට පත් කරන්නට මහන්සි වෙන්නෙත් අහිංසක ජනතාවම බවද මතක තබා ගතයුතු වැදගත්ම කරුණකි…!

[rns_reactions]