බාලවයස්‌කාර දැරියක් මත්කර දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 15 ක් වූ දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇයගේ මව දන්කොටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ල කළ දිනට පසු දිනම දැරිය නිවසට පැමිණ තිබේ. ඒ වන විට ඇය අසනීප තත්ත්වයේ සිටිහෙයින් දෙමාපියන් ඇයව මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
දැරිය අතුරුදන් වී ඇති බවට දන්කොටුව පොලිසියට දැරියගේ මව කරන ලද පැමිණිල්ල අනුව දන්කොටුව පොලිසිය මීගමුව රෝහලට ගොස් දැරියගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. එහිදී දැරිය මත්කර දූෂණය කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධිය වෙන්නප්පුව පොලිස් වසමේ සිදුව ඇති බැවින් ඒ ගැන විමර්ශන කරන ලෙස දන්කොටුව පොලිසිය වෙන්නප්පුව පොලිසිය දැනුවත් කර තිබේ.
එම උපදෙස් අනුව වෙන්නප්පුව පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්‌ෂිකාවක් මීගමුව රෝහලට ගොස් දැරියගෙන් නැවත ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී අනාවරණය වූ තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත