අසල්වැසි නිවෙස් වල කුණුත් තමන්ගේ වත්තේ දමාගන්නා අපුරු කාන්තාව..(video)

Spread the love

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ජීවිත විනාශය හමුවේ කැළිකසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් මතුව තිබේ.

කැළිකසල බැහැර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ වගකීම බලධාරීන් සතු වන බව ඇතැමෙකු පවසන අතර බැහැර කරනු ලබන කසල ප්‍රමාණය අවම කර ගැනීම පුරවැසියන් සතු යුතුකමක් බව තවත් සමහරෙකුගේ අදහසය.

නිවෙස්වලින් බැහැර කරනු ලබන කැළිකසල ප්‍රමාණය අවම කර ගන්නේ කෙසේද ? කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද?

බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියකවන කාංචනා වීරකෝන් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි.

එපමණක් නොව ඇය සිය අසල්වැසියන්ගේ කැළිකසල ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වේ.

කුණු ප්‍රශ්නයට විසදුමක් රටම සොයන මේ අවස්ථාවේ ඇය සියලු දෙනාටම ආදර්ශයක් දෙමින් ඉල්ලා සිටින්නේ හැකි පමණ නිවස තුළම කුණු ප්‍රතිචක්‍රීකරණය කර නගර සභාවට දෙන කුණු ප්‍රමාණය අඩුකරන ලෙසය.

ඇය ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේද ගැන  කළ පැහැදිලි කිරීම පහත විඩියෝවෙන් නරඹන්න

[rns_reactions]