අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ විදෙස් අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)

අසාද් සාලී නිතී විරෝධීව පරිහරණය කළ විදෙස් අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගනී (වීඩියෝ)
Spread the love

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් පරිහරණය කරන ලද මෙරට ලියාපදිංචි නොකළ විදේශ රටක පරිහණය කරන ලද, එම අංක තහඩු සහිත අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් ලද තොරතුරකට අනුව ඊයේ(03) පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම රථය සම්බන්ධයෙන් දුරකථනය හරහා පොලිසිය අසාද් සාලිගෙන් විමසූ අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මේ ගැන රේගුව දන්නා එහි ලිපි ලේඛන රේගුවේ ඇති බවත් බවත්, තමා මෙම රථය තමා භාවිත නොකළ බවත්, සුපිරි රථ 6ක් තිබෙන තමාට මෙම රථය වැඩයක් නොමැති බවත්, මේ රථය අත් අඩංගුවට ගෙන පසුව ප්‍රශ්න ඇති විය හැකි බවට” වන වක්‍රාකාර තර්ජනයකි.

කෙසේ වෙතත් මෙම රථය පරීක්ෂා කිරීමේදී එහි තිබේ අසාද් සාලිගේ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.