ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබූ වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.
දැනට මාස දෙකකුත් මාස හතක් පුරා නිශ්ක්‍රීය කොට තිබෙන ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභාවන් තව දුරටත් අකර්මන්‍ය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය , ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එයට උරුම වූ පිළිකුලෙනි.එකී පිළිකුල සහ අප්‍රසන්නතාවය විසින් නිර්මාණය කරනු ලබන “කිඩාරම් මල් කළඹ” ආණ්ඩුවේ දේශපාලන සුසාන භූමිය අභියස තැන්පත් කිරීම සඳහා ද අපි මෙය අවස්ථාවක් කරගන්නෙමු.
මැතිවරණය නිර්වචනය වනුයේ ප්රජාතන්ත්රවාදයේ කළ්‍යාන මිත්‍රයා ලෙසය.එසේම ප්රජාතන්ත්රවාදයේ පරම සතුරා වනුයේ ත්රස්තවාදයයි.පසුගිය මහින්ද රාජපක්ෂ පාළන කාලය තුල මෙම කුරිරු සතුරා පිටුදැක කළන මිතුරා සමීපකරගත් ආකාරය “මුස්තාපා මල්ශාලාවේ සිට” කනත්ත දෙසට ඇදෙන පළාත් පාළන අවමංගල පෙරහැරේ මළබෙර නාදයට ඉහලින් පුරවැසියන්ට දරශනය වනු කිසිවකුට වැලැක්විය නොහැක.
මේ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ හැසිරීම මුළුමනින්ම අදේශපාලනිකය,අතාර්කිකය, අසම්මතය හෙවුන කාලය තුල ආණ්ඩුවේ ප්රකාශයකයින් මැතිවරණය සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශ එකතු කොට පොතක් සකසන්නේ නම් එයට උචිතම නම වනුයේ “නුතන ගජබින්නාලංකාරයයි” දුරකතන ඔස්සේ උපදෙස් ලබා පොත් ලියන අමාත්‍ය වරුන්ට නම් ” අලියා සහ දිවුල් ගෙඩිය “ නමින් එය ලියා පල කිරීමේ හැකියාවද නැත්තේ නොවේ.
පුරවැසියන් ඉදිරිපිට පාලකයන් විගඩමුන් වීම තරම බරපතල ඛේදවාචකයක් කිසිඳු රාජ්‍යකට ස්වභාවික විපතකින් හෝ ඇතිවිය නොහැක.