ආදරය කරද්දී වයස 18 යි – රූකාන්තගේ විරෝධය මැද ආදරය ජයගත් හැටි රයිනි මුල්‍වරට හෙළිකරයි

Spread the love

රයිනි චාරුකා කියලා කියන්නේ මෙරට සංගිතයේ දීප්තිමත් අනාගතයක් ඇති චරිතයක් කිව්වොත් එය වඩාත් නිවැරැදි වේවි.

ඒ ඇයගේ පියා රූකාන්ත ගුණතිලක වීම නිසා හෝ මව චන්ද්‍රලේකා පෙරේරා වීම නිසානම් නොවෙයි.

රයිනිට ලයාන්විත හඬක් හිමි නිසායි.

රයිනි විවාහ වී සිටින්නේ කලක් තම පියාගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වූ අකිල සමගයි.

තම පෙම් කතාව පිළිබදව රයිනි මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

අකිලව මම අදුන ගත්තේ 2007 අවුරුද්දේ. එතකොට අකිල තාත්තගේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගනහවා. ඒත් මමනම් ඒ වෙද්දී එම කණ්ඩායමේ ගීත ගායනා කලේ නෑ. අපි අතර සම්බන්ධයක් ඇතිවුනේ 2009 අවුරුද්දේ. අපි ආදරවන්තයො වුනාට පස්සේ අපි ලංකාවට ඇවිත් “රූ සඳ රූ” ප්‍රසංගය කලා. ඒකේ ඩ්‍රම්ස් ගැහුවෙත් අකිලමයි. මම ඒ ප්‍රසංගයේදී තමයි පළමුවරට නීල කඳුගැටේ ගීතය ගායනා කලේ. අපි 2015 අවුරුද්දේ තමා විවාහ වුනේ.

මේ ආදරයට ප්‍රශ්ණ ආවේ නැද්ද?

බාධක ගොඩක් ආවා. මොකද අපේ සම්බන්ධය පටන් ගන්න කොට මට වයස 18. මගේ පාර්ශවයන් තමයි දිගින් දිගටම ප්‍රශ්ණ ආවේ. ඒ ප්‍රශ්ණ නිසා අකිල මට කිවුවා තීරණයක් ගන්න කියලා. ඒත් මම කැමති වුනේ නෑ අකිලගේ ආදරේ නැතිකර ගන්න.

රයිනිට වැඩියෙන්ම බාධක ආවේ අම්මගෙන්ද තාත්තගෙන්ද?

අම්මා තමයි මගේ පැත්තේ හිටියේ. මම සාමාන්‍යයෙන් යමක් ඉල්ලන කෙනෙක් නෙමෙයි. ඒත් රණ්ඩුකරල අඬ අඬා මේ ආදරයම ඉල්ලන කොට අම්මා ඒක තේරුම් ගත්තා. අම්මා හැම වෙලාවෙම තාත්තට පැහැදිලි කරන්න උත්සහ කලා.

රයිනිගේ සහකරු විදියට අකිල කොයිතරම් ගැලපෙනවද?

එයා තමයි මගේ කළමණාකරු. මට ලැබෙන සංදර්ශන භාරගන්නේ, ඒවායේ මිළ ගණන්, ප්‍රවාහන වගේ දේවල් බලන්නේ එයා. ඒවගේම ප්‍රසංගයේදී මම අඳින ඇදුම පවා තිරණය කරන්නේ අකිල. ඒ දෙවල් වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒක මට ශක්තියක්. අකිල මට ලොකු හයියක්.

[rns_reactions]