පසුගිය දිනෙක නිල රථයට වෙට්ටුවක් දමාගෙන ගියා යයි පවසමින් මහා ගාලගෝට්ටියක් නාටමින් පොලිසියේදී මාධ්‍ය සන්දර්ශනයක නිරත වූ මහින්ද තම බොරුව හෙළිවූ පසුව නිරුවත වසාගැනීමේ අරමුණින් තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ අවශ්‍ය නැතැයි දිවයින පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබෙනවා.
ඉකුත් 06 වැනිදා දහවල් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා සිය නිල රථයෙන් ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ඔහුගේ නිල රථය හරස් කරමින් ධාවනය කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් කු.පා.ම මහින්ද වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ පොලිසිය එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන එය පැදවූ තරුණයාට අවවාදකර මුදාහැරුණා.
මෙය අවධානය ලබාගැනීම උදෙසා මහින්ද විසින්ම සැලසුම් කරන ලද්දක් බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගත හැකි බව දේශපාලන විශ්ලේෂක මතවාදය වී ඇත.
[rns_reactions]

