ආහාර හෝ වෙනත් ද්‍රව්‍යයන් ළමයින්ගේ උගුරේ සිරවීමේදී කලබල නොවී මෙම ක්‍රම අනුගමනය කරන්න.

Spread the love

ආහාර හෝ වෙනත් ද්‍රව්‍යයන් ළමයින්ගේ උගුරේ සිරවීමේ දී දෙමව්පියන් කලබලවීමෙන් තොරව කටයුතු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
පසුගිය කාලයේ දී වාර්තා වූ එවැනි සිදුවීම් පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම ඒ බව කියා සිටියා.

ඊයේ දිනයේ දී ද බනි`ස් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් හලාවත ප්‍රදේශයේ තුන් හැවිරිදි දැරියක් මිය ගියා.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිව්ස්24 කළ විමසීමක දී ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

පුංචි දරුවන් ඕනම දෙයක් හිර කරගන්න පුළුවන්. සමහර වෙලාවට ගිලින්න ගිහින් උගුරේ හිර කර ගන්නවා. සමහර වෙලාවට ශ්වසන මාර්ගයේ හිර කර ගන්නවා. අපි ඒ වගේ වේලාවකදී ඒ ළමයාගේ ඔළුව පහළට හරවලා පිටට පහරක් ගහලා ඒ හිරවෙච්චි එක අයින් කර ගැනීමට බලන්න ඕනි. පොඩි අයට තේරෙන්නේ නැහැ. කලබල වෙලා දරුවාගේ ඔළුව උස්සලා අපි දඟලන්න ගත්තොත් ඒ ළමයාට හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කෑල්ල තව තවත් පෙනහැල්ල පැත්තට යන්න පුළුවන්. එම නිසා අපි කල්පනාකාරී විය යුතුයි. එය ප්‍රථමාධාරයක් විදිහට දැනගන්න ඕනි. එහෙම නැත්තම් හුස්ම ගන්න අපහසු වෙලා ඒ දරුවන්ට ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්.


මේ අතර දරුවන් ට ආරක්ෂිතව ආහාර ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන්, ජාතික රෝහලේ හෙද පුහුණු නිළධාරීනි පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය ඇයගේ facebook ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්….

දරුවාට ආරක්ෂිතව ආහාර ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණූ

– දරුවා වෙනත් ක්රියාකාරකමක යෙදෙන විට එනම්, සෙල්ලම්කිරීම, හිනා හෝ අඬන අවස්ථාවලදී ආහාර ලබා දෙන්න එපා
– ආහාර ලබා දීමේදී සෑම විටම දරුවන් වාඩි කරවා ලබා දෙන්න.
– ආහාර ගන්නා මොහොතේදී ඉතා කිට්ටුවෙන් අධීක්ෂණය කරන්න.
– ආහාර ලබා දීමේදී බලහත්කාරයෙන් කන්න දරුවන්ට බල කරන්න එපා.
ඝන ආහාර සදහා ක්‍රමක්‍රමයෙන් දරුවා හුරු කරවිය යුතුය ඒ සදහා ඉපදී මාස 4ක් වත් ගත වනු ඇත
– දැඩි අවදානම් සහිත ආහාර ලබා නොදෙන්න
බිළිඳුන් හෝ කුඩාම දරුවන් වෙත, මස් හෝ චීස් කුට්ටි, මිදි, අමු එළවළු හෝ පලතුරු කුට්ටි දෙන්න එපා.
ඒ වගේම බීජ, ඇට වර්ග, පොරි සහ දුෂ්කර රසකැවිලි දුෂ්කර ආහාර, දෙන්න එපා. වෙනත් දැඩි අවදානම් සහිත ආහාර, රටකජු බටර්, චුවිංගම් මාස්මලො වැනි කටේ ඇලෙන දෑ දෙන්න එපා

-වයසින් වැඩේත්ම දුව පැන ඇවිදිමින් ආහාර ගැනීමට දරැවා පුරැදු වනු ඇත .එනමුත් ආහාර වර්ග ඉහළට විසිකර මුඛයට ගන්නා අවස්ථාවන් වළක්වාලන්න

-දරුවාගේ සෙල්ලම් උපකරණ පිළිබද අවධානය යොමු කරන්න .එහි ඇති කුඩා කොටස් මුඛයට දමාගත හැකි බැව්න් අධීක්ෂණය කරන්න
– අනතුරුදායක වස්තු වලට ලගා නොවන පරිදි තබා ගන්න. හිර උපද්රවයන් විය හැකි පොදු ගෘහ භාණ්ඩ කාසි, බොත්තම බැටරි, දාදු කැටය හා පෑන කැප් ආදී දරුවාට හසු නොවන්නට වග බලා ගන්න
-කුඩා කල සිටම හොදින් හපමින් සෙමින් කන්න උනන්දුකරවන්න.
-තමන්වම පෝෂණය කිරීමට දරුවන් උනන්දු කරන්න.


  දරුවාගේ ශරීරය තම නුපුරැදු අතට ගන්න (රූපයේ ඇති පරිදි)
මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න.
-ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය (in between 2 Scapula)
මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය
-සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න

 


-සිරවී ඇති දෙය ඉවත් නොවුනේනම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න.

 

 


තම කම්බුල දරවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර ඇස්දෙකෙන් පපු
ප්‍රදේශය උස්පහත් වේදැයි තත්පර 5 – 10 ක් පමණ බලන්න.

 

 

 


දරුවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රදවා හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න.

 

 

 


පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න..
ඇගිළි 2 ක් පපුව මධ්‍යයේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යනසේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න.
ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න.

 

 

 


 

 

 

+