ඇමරිකාව අතහරින්න බෑ – මම ලංකාවට වඩා එහෙට කැමතියි – බැසිල් කියයි..

Spread the love

​තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති  බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ.

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි බීබීසීය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය.

[rns_reactions]