ඉන්දිය ක්‍රිකට් තරුව K.L රාහුල් සහ බොලිවුඩ් තරුව ආතියා ෂෙට්ටි ‘අතේ මාට්ටු’

ඉන්දිය ක්‍රිකට් තරුව K.L රාහුල් සහ බොලිවුඩ් තරුව ආතියා ෂෙට්ටි ‘අතේ මාට්ටු’
Spread the love

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක R.L Rahulගේ උපන් දිනය තිබුණේ ඊයේ (18). ඉන්දියාව වසා දමා තිබීම නිසා කිසිම උත්සවයක් තිබුණේ නැහැ. ඒ නිසා ලෝකයේ සෑම තැනම සිදුවන ආකාරයට සුභ පැතුම් සියල්ල සිදු වුණේ සමාජ මාධ්‍ය හරහා.

රාහුල්ට සුභ පැතුම් එක් කළ අය අතර ක්‍රිකට් ක්‍රීඩකයින්, කීර්තිමත් දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් සිටියා. ඒ අතර සුපුරුදු ලෙස බොලිවුඩ් තරු, විශේෂයෙන් බොලිවුඩ් සුරූපිනියන් සිටියා.

ඒ සියලු සුභ පැතුම් අතර විශේෂ සුභ පැතුමක් කෙරෙහි ඉන්දීය ඕපාදූපකරුවන්ගේ, කාරියන්ගේ අවධානය යොමු වුණා. ඒ ආතියා ෂෙට්ටි Athiya Shetty විසින් රාහුල්ට යොමු කළ ඉන්ස්ටග්‍රෑම් සුභ පැතුම. මේක දැකක් බොහෝ දෙනෙක් එහි කිසියම් විශේෂත්වයක්, රහස්‍යභාවයක් දුටුවා. ඒකට හේතුව වුණේ රාහුල් – ආතියා ගැන ඕපාදූප රැසක් පසුගිය කාලය පුරාම බොලිවුඩය පුරා පැතිර යාමයි.

ඒත් ආතියා – රාහුල් ඒ ඕපාදූප ප්‍රතික්ෂේප කරලා තිබුණා. ‘අනේ අපි අතර එහෙම දෙයක් නෑ‘ කියලා ආතියා දිවුර දිවුරා කිව්වා.

මේ තත්ත්වය තුළ තමයි ආතියගේ සුබ පැතුම් පෝස්ට් එක අලුත් ගින්නක් ඇවිලුවේ. ඒ නිසා ඉන්දිය වෙබ්කරුවෝ වගේම බොලිවුඩ් ඕපදූප පත්තර, වෙබ් ගත් කටටම කිව්වේ ‘නෑ මෙන්න ඇත්ත හෙළි වෙලා. ආදරේ හංගන්න බැහැ‘ කියලයි.

‘මේක රාහුල් – ආතියා සම්බන්ධය තහවුරු කරන නිල පොස්ට් එකක්‘ කියලා සුප්‍රකට වෙඩ් අඩවි කිහිපයක්ම කිව්වා.

ආතිය ෂෙට්ටි රාහුල්

ආතියා තමා සහ රාහුල් බොහෝ සතුටින් සිනාසෙමින් සිටින රොමැන්ටික් / ප්‍රේමනීය ඡායාරූපයක් තම සුභපැතුමට යොදා ගත්තාය. ඡායාරූපයට වඩා වැදගත් වු‍ණේ, ඕපාදූප සදහා හේතු වුණේ ඇයට ඡායාරූපයට ලබා දුන් ශීර්ෂපාඨයයි.

athiyashetty's profile picture

athiyashetty

Happy birthday, my person @rahulkl.” (සුභ උපන්දිනයක්, මගේ පුද්ගලයා @ රාහුල් කේ.එල්)

දැන් එය කෙතරම් හුරුබුහුටි ද?

ආතියා ෂෙට්ටි – රාහුල් අතර ආදර සම්බන්ධයක් තිබෙන බවට වන කතාවක් ටැබ්ලොයිඩ් පත්තර සහ වෙඩ් අඩවි විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

ආතියා – රාහුල් නිතර නිතර ඉන්ස්ටග්‍රෑම් මගින් හමු වෙන බවයි ඕපාදූප මාධ්‍ය කියන්නේ. ඒවා අතර හුවමාරු වන පෝස්ට් ආදරණීය ඒවා බවත් ඔවුන් කියනවා.

කොතරම් ඕපදූප පැතිරුණත් ආතියා – රාහුල් ඒවා තහවුරු කළේ නැති අතර දිගින් දිගටම ඒවා ප්‍රතික්ෂේප කළේය. එහෙත් තව දුරටත් ආතියා – රාහුල් පෙම්පුවත හුදු ඕපාදූපයක් නොවන බව ඉන්දීය මාධ්‍යවල හැගීමයි.

‘ආතියා රාහුල්ගේ උපන් දිනේට යොමු කළ පෝස්ට් එක බැලීමෙන් ඒ බව තහවුරු වෙනවා. ආතියියාට ඇගේ ක්‍රිකට් ක්‍රීඩක-පෙම්වතාට දිය හැකි මිහිරි තෑග්ග මෙය බව අපට හැඟේ‘

ආතිය ෂෙට්ටි රාහුල්

Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි