ඉල්ලන්න ගිය සිරිසේනට ජපානය මදි නොකියන්නම දෙයි..

ඉල්ලන්න ගිය සිරිසේනට ජපානය මදි නොකියන්නම දෙයි..
Spread the love

2018 මාර්තු මාසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජපානයේ සිදුකළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ මහතා විසින් ශ්‍රී ලංකාවට ජපානයේ රැකියා අවස්ථා 10,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට එකඟත්වය පළ කරමින් ඊට අදාළ ගිවිසුම ජනාධිපතිවරයා වෙත එවා ඇත.

මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුලදී අසීමිත රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි.