ඉස්ලාම් අන්තවාදී සංවිධානය 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ඉස්ලාම් අන්තවාදී සංවිධානය 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි
Spread the love

ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 03 ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලායත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට අදාල මෙම ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල ප්‍රකාරවයි.

මෙම සංවිධාන 03 ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට 2019 අංක එක දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මස 27 වනදා පියවර ගනු ලැබුවේය.

කෙසේවෙතත් ඉන් සති 03 කට පමණ පසුව ඊට අදාල ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කර තිබේ.