උගන්ඩාවේ ඔලිම්පික් ධාවන ශූරිය පෙට්‍රල් ප්‍රහාරයකින් මරුට

උගන්ඩාවේ ඔලිම්පික් ධාවන ශූරිය පෙට්‍රල් ප්‍රහාරයකින් මරුට
Spread the love

උගන්ඩාවේ ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගෙයි Rebecca Cheptegei (33) පෙට්‍රල් ප්‍රහාරයකින් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියයි. මෙම ඝාතනය සිදුකර ඇත්තේ රෙබෙකාගේ හිටපු පෙම්වතා විසින් යැයි කියනු ලැබේ.

බටහිර කෙන්යාවේ පිහිටි ඇගේ නිවසේදී චෙප්ටෙගේයි පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර, එහිදී ඇය දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

උගන්ඩා මලල ක්‍රීඩා සම්මේලනය X හි පළ කළේ: “අපගේ ඔලිම්පික් ක්‍රීඩිකාවක් වූ Rebecca Cheptegei ඇගේ පෙම්වතාගේ දරුණු ප්‍රහාරයකින් පසු ශෝකජනක වියෝව ගැන අපි දැනගත්තා. ඇයගේ මෘදු ආත්මයට නිවන් සුව ලැබේවා. කාන්තා හිංසනය අපි තරයේ හෙළා දකිමු. මෙය මහා ක්‍රීඩිකාවක් අහිමි කිරීමට හේතු වූ බියගුලු සහ අඥාන ක්‍රියාවකි. ඇයගේ උරුමය දිගටම පවතිනු ඇත.”

Cheptegei පසුගියදා පැරිස් ඔලිම්පික් උළෙලේ මැරතන් තරගයෙන් 44 වැනි ස්ථානයට පත් වූ අතර 2022 දී තායිලන්තයේ පැවති ලෝක කඳුකර සහ මංපෙත් ධාවන ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත්තා ය.

මූලාශ්‍රය – skysports.com

Post Comment