දැන් හැමෝගෙම මාතෘකාව ” යු.එන්.පී ජනාධිපති අපේක්ෂකයා කව්ද?” ඒ ප්‍රශ්නේ වැඩියෙන්ම අහන්නේ නෙලුම් කුළුනේ කට්ටිය,සිරිසේනගේ කට්ටිය. යු.එන්.පී කාරයෝ ටිකකුත් සජිත් වටේ එකතු වෙලා . සිරිසේන වෙනුවෙන් සජිත් ආරම්භ කරපු මෙගා නාට්‍යයේ අවසාන කොටස් ටික හරි හරියට මහරජාගේ සිරසෙන් පෙන්වනවා.
ජනපති අපේක්ෂකයා හොයාගන්න එච්චර අමාරු නෑ. ඊටත් වඩා ලෙසීයි කිලී එක්ක ඩීල් එකක් ගහලා එයාලගේ සිරසෙන් මිනිස්සුන්ගේ සිරස අවුල් කරන්න. කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ ළඟම නෑයා කියාගෙන ඇවිත් ඉන්දියාවේ තියෙන ජරාව ලංකාවේ එවුන්ගේ රසවින්දනයට පොම්ප කරා. කොටින්ම කිව්වොත් ලංකාවේ ටෙලිවිෂන් නාට්‍ය කලාව මෙගා නාට්‍ය කලේ ළඟම නෑයා. එකී මෙකී නොකී ආටක නාටක රියලිටි සියල්ල ජනතාගත කරමින් සමස්ත ජනතාවගේ රසවින්දනයට නිර්වින්දනය එන්නත් කලේත් කිලී ය.

රටක දේශපාලන සුක්කානම භාරගත යුත්තේ කව්ද යන දේ මාධ්‍යයක් විසින් තීරණය කල යුතු නැහැ. මාධ්‍ය විසින් කළ යුතුව ඇත්තේ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටීම, ජනතාවගේ සාදාරණය වෙනුවෙන් සටන් කිරීමයි. එසේ නොමැතිව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික න්‍යායපත්‍ර ප්‍රදර්ශනය කිරීම නොවේ.එවිට සිදුවන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය විසින් බලහත්කාරයෙන් ඔවුන් සතු කර ගැනීමක් වැනිය. කිලීගේ බිල්ලට හසු වී සජිත් ද මේ දිනවල සිටින්නේ විධායක සිහිනයෙන් මුසපත් වීමෙනි.
රටක ක්‍රිකට් ටීම් එක කව්ද ? රටක ජනාධිපති වෙන්න ඕන කව්ද? රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවාද ඒවාට ලැබෙන්න ඕන විසදුම් මොනාද? කියන එක තීරණය කරන්න ඕන කීලී ද ? සිරස ද? එසේ නම් රටක පාලනතන්ත්‍රයක අවශ්‍යතාව කුමක් ද? ජනතාවගේ චින්තනයේ ස්වාධීන අයිතිය අහුරණ මාධ්‍ය භාවිතයක නැඟී සිටීම ඒකාධිපතියාගේ නැඟී සිටිමට සමාන නොවන්නේ ද?