සයුරු නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් වැඩි දියුණු කර මහජනතාවට විනෝදවීමට අවස්ථාවන් සලසා දීම සඳහා සකස් කර තිබේ.
එම නෞකාව පාවෙන ආපනශාලාවක් වශයෙන් නම් කර දියත් කිරීම අද දින පස්වරුවේ දික්ඕවිට වරායේ දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.
විශේෂයෙන් ම 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට සාගර චාරිකාවක නිරතවෙමින් විනෝදවීමට අවශ්‍ය පහසුකම් මෙහි දී සැපයෙන අතර උපන්දින සාද, විවාහ සැමරුම් උත්සව මෙන්ම ආයතනවල පැවැත්වෙන විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව මගින් විනෝදවීමට අවස්ථා ලබා ගත හැකිය. එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසුමිලකට මෙම නෞකාව වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි මාධ්‍ය අමතමින් පැවසීය.
රාජ්‍ය ආයතනයක් වන ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෙම කටයුතු පවත්වාගෙන යන අතර, රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල යටතේ මෙවැනි ක්‍රියාමාර්ග තුළින් රජයට බරක් නොවී ආයතන පවත්වාගෙන යාමට හොද නිදර්ශනයක් ලෙස සයුරු නෞකාව හඳුන්වා දිය හැකි බව අමාත්‍යවරයා කීය.
එමෙන්ම මෙම නෞකාව තුළ තමන් කැමැති ඕනැම ආහාරපානයක් සකසා දීමට සුදානම් කාර්ය මණ්ඩලයක් සිටින අතර, මුහුදු ආහාර Sea Food සඳහා ප්‍රමුඛත්වය ලබාදීමත් එමගින් දේශීය හා විදේශීය සංචාරකයින් අතර සාගරය ආශ්‍රිතව සිදු කෙරෙන විනෝද චාරිකා මෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර ජනප්‍රිය කරවීමත් මෙහි අභිප්‍රාය වේ. මෙම අවස්ථාවට එම සංස්ථාවේ සභාපති වරයා ඇතුලු පිරිසක් සහභාගි වූහ.